අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 11 දින එක්විය.
විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, වරකාපොළ ඉන්දසිරි නාහිමි, අක්කරේපත්තුව ශ්‍රී විජයරාමාධිපති දේවගොඩ සෝරත හිමි, බෞද්ධයා නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වඳාළහ.
මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඡායනා කර අග්‍රමාත්‍යතුමාට ආශිර්වාද පැමිණවීය.
මුහුදු මහා විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධ පැවති සාකච්ඡාවට එක් වූ අග්‍රමාත්‍යතුමා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විහාරස්ථානයට අයත් භූමිය අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම පිළිබඳව පසුගිය ආණ්ඩු සමයේ විශාල ආන්දෝලනයක් පැවතිණි.
එම ගැටලු නිරාකරණය කරමින්, මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර එය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ බලපත්‍රය ලබාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දුන් බව මෙම අවස්ථාවට එක් වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියා සිටියේය.
එමෙන්ම මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම යටතේ නාවික හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කටයුතු කර තිබේ.
ඵෙතිහාසික මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමිය ආරක්ෂා කර දෙන ලෙසත්, නැගෙනහිර පළාතේ හඳුනා නොගත් පුරාවිද්‍යා ප්‍රදේශ ආරක්ෂා කර දෙන ලෙසත්, මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.