අගමැතිගේ ඉතාලි සංචාරයත් ජනපතිගේ ඇමෙරිකා
සංචාරයත් රජය සාධාරණීකරණය කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය මෙන්ම ඉදිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකිරීමට නියමිත ඇමෙරිකා සංචාරය පිළිබඳව දැඩි කථාබහක් නිර්මාණයවී ඇති අවස්ථාවක එය සාධාරණීකරණය කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දැක්වීය.
ඒ අද පැවැති කැබිනට් රැස්වීමේදී මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට එක්වන්නේ අවම පිරිසක් යටතේ බවත්, අගමැතිවරයා ඉතාලි සංචාරයට එක්වූයේ විදේශ සංවිධානයක ඉල්ලීමට බවත් ඔහු පැවැසීය.
ආර්ථිකය මැනවින් කළමණාකරණය කරමින් රටට බරක් ඇතිනොවන ආකාරයට මෙවැනි කටයුතුවලට එක්වීම සෑම දෙනෙකුගේ වගකීම බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවැසීය.
,"අගමැති හෝ ජනපති රටින් බැහැරවෙන්නේ කොවිඩ් තත්වය යටතේ පළමු අවස්ථාවට. එක්සත් ජාතීන්ගේ සමුළුවට මේ අවස්ථාවේ අවම පිරිසක් සමග සහගභාගීම රටක් ලෙස අවාසියක් නෑ.
අගමැති එක්වුණෙත් විදේශ සංවිධානයක ඉල්ලිමක් අනුව. අපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම'
මේ අවරුදු එක හමාරක කාලය තුළ කැබිනට් ඇමතිවරු දෙන්නෙක්වත් විදේශ ගත වෙලා නෑ. හැකි සෑම විටම නූතන තාක්ෂණය ඔස්සේ එක්වෙනවා. අත්‍යාවශ්‍ය කාරණාවලදී ඉන් මිදෙන්න වෙනවා.
අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන්න”