ගමට ගෙයක්, යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිද නිවාස 14022ක් ඉදිකිරිමට තීරණය කර තිබේ.
නව නිවාස වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
සෑම ගමකම ඉතා දිළිදු අසරණම පවුල් වෙනුවෙන් ගමේ සමෘද්ධි නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් 2020 වසර තුළදී ගමට ගෙයක් වැඩසටහන යටතේ නිවාස 14022ක වැඩකටයුතු අවසන් කරන ලෙසටත් නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදෙන ලදී.
පසුගිය ආණ්ඩුව කාලයේ දී නිවාස ඉදිකළ බවට විශාල ප්‍රචාරයන් ගෙනගිය ද එම වසර 4 1/2 තුළ දී රටේම නිවාස ඉදිකර තිබෙන්නේ 7000කටත් අඩු ප්‍රමාණයක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.