පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
සැකකරු විසින් මුල්ලේරියාව උතුර සිරිනිවාස මාවත ප්රදේශයේ පදිංචි පුද්ගලයකුට එලෙස පහර දී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඉන්දීයාවේදී මේ ගිය බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි.
අංගොඩ, අංගොඩ වත්ත ප්රදේශයේ පදිංචි සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකි. මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.