අකුරැස්ස පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට තැත්කිරීම හා පානදුර පොලිස් ස්ථානයේ ටී.56 ගිනි අවි දෙකක් සොරා ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් ඊයේ (12දා) සවස ත්‍රස්තවායද වැළැක්විමේ පනත යටතේ මාතර වැඩබලන මහේස්ත්රාත්වරයාටඉදිරිපත් කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් අතර යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද වෙයි.
එසේම මෙම සැකකරුවන් අතරින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමටද නියමිතය.