අකුරැස්ස නගරය ආසන්නයේ මූල්‍ය ආයතනයක ලක්ෂ 29ක පමණ මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරිමට සූදානම් කර තිබියදී එම මුදල කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනෙක් විනාඩි කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය සමත්ව තිබේ.
අද (01දා) දහවල් 1.45ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධිය පිළිබඳව අකුරැස්ස පොලීසියට දැනුම් දීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුවන් දෙදෙනා මුදල් ඔවුන් සන්තකයේ තිබූ ගල්කටස් වර්ගයේ ගිණි අවියද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 32 හා 35 වැනි වයස්වල පසුවන්නෝ වෙති. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.