අකුරණ ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු අද 30 හමුවූ බවට වාර්තා වීමත් සමඟ අකුරණ කොට්ඨාසයේ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
විදෙස්ගත වීම සඳහා කරනු ලැබූ පි.සි.ආර්. පරීක්ෂණයක් අනුව මෙම පුද්ගලයා ආසාදිත බවට වාර්තා වී ඇති බවත් ඉන්පසුව එම පුද්ගලයා ඇතුළු පවුලේ හය දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල අද 30 ලබා ගත් බවත් ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය තවදුරටත් සඳහන් කළාය.
මෙම පුද්ගලයා ඇතුළු පවුලේ සාමාජිකයින් හය දෙනෙකුගේ පි.සි.ආර්.පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත් බවත් රජයේ ආයතනයකින් කරනු ලබන එම වාර්තා ලැබෙන තුරු එම පුද්ගලයාද ඇතුළුව පවුලේ හය දෙනෙකුගේ පී සීආර් පරීක්ෂණ සඳහා වූ සාම්පල අද දිනයේ ලබා ගත් බවත් රජයේ ආයතනයකින් කරනු ලබන එම වාර්තා ලැබෙන තෙක් ඉදිරි වැඩ සැලසුම් කර ගැනීම මේවන විට සිදු කළ බවත් ප්‍රාදේශිය ලේකම්වරිය කීවාය.
මේ සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන්, පොලිස් ස්ථානාධිපතිතුමන්, ජමියතුල් උලමා සභාව වෙළද සංමය ඇතුළු ආයතනවල සහාය ලැබෙන බවත් අබේසිංහ මහත්මිය සඳහන් කළාය.
කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වූ බව දැන ගත් විගස මහජනතාව කලබල වීම දක්නට ලැබුණත් එසේ කලබල විය යුතු නැති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමන්ගේ නිවෙස් තුලම රැදෙමින් රාජ්‍ය නිලධාරින් වන තමන්ට ඉදිරි වැඩ කටයුතු සිදු කරගන යන්නට මහජනාවගේ උපරිම සහාය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු මුස්ලිම් දේවස්ථාන සිදු කරනු ලබන සියලු ආගමික කටයුතු නැවැත්වීමත්, විහාරස්ථානවල පැවැත්වීමට නියමිත කඨින පිංකම් සම්බන්ධයෙන් ශාසණාරක්ෂක බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණය ගැනීමටත් තීරණය කළ බවත් හෙට දිනයේ අකුරණ නගරයේ ව්‍යාපාරික කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් වෙළඳ සංගමය සමඟ සාකච්ඡා කර තීරණයන් ගන්නා බවත් ප්‍රාදේශිය ලේකම් තුමිය සඳහන් කළාය
මහනුවර මොහොමඩ් ආසික්