අක්මිමන පොලිස් බල ප්‍රදේශය තුල පදිංචි පොලිස් නිලධාරින් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 98 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති පොලිස් නිලධාරින් කොළඹ අපරාධ කොට්ඨාසයේ හා මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරණ පොලිස් නිලධාරින් බවද අක්මිමන පොලිසිය පවසයි.
මෙම සිවුදෙනා අතර උපපොලිස් පරික්ෂකවරයකුද සිටින බවද පොලිසිය පවසයි.
නිවෙස්වල නිරෝධායනයට ලක්වන පොලිස් නිලධාරින් සදහා රුපියල් 5000ක වටිනාකමින් යුතු වියලි ආහාර ද්‍රව්‍ය ඇතුලත් භාණ්ඩ මල්ලක් ලබාදිමට පියවරගෙන ඇති බවද අක්මිමන පොලිසිය පවසයි.