අක්මිමණ පොලිස් බල ප්රදේශයට අයත් තොටගොඩ බැදිපාරේ පිහිටි පුද්ගලික හිස් ඉඩමක තිබි ටි.56 ජිවඋණ්ඩ 123ක් ඊයේ (05) පස්වරුවේ දි සොයාගත් බැව් අක්මිමණ පොලිසිය පවසයි.
මෙකි ඉඩම එළපෙහෙලිකරමින් සිටියදි මෙකි උණ්ඩ තොගය හමුවි ඇත.
මෙකි ජිවඋණ්ඩ මලබැදි දිරාපත්ව තණකොළවලින් වැසි තිබි ඇත.
ඉඩම එළිපෙහලි කිරිමේ දි පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලකට අනුව මෙකි උණ්ඩ තොගය පොලිස් නිලධාරින් පැමිණ පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.
මෙකි උණ්ඩ තොගය විනාශ කිරිම සදහා අධිකරණය මගින් නියෝගයක් ලබාගන්නා බව අක්මිමණ පොලිසිය පවසයි.
අක්මිමණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.