අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.
සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල සහයෝගය ලබා ගනිමින් ජනතාව මෙම නිරෝධායන නීති පිළිපදින්නේ දැයි නිරන්තර සෝදිසි කිරිම් සිදු කිරිමටද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කර තිබේ.
අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.
මේ වන විට අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්තා වී ඇති අතර කල්මුණේ ප්‍රදේශයේද රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කර ඇත.