මේ දිනවල පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම උපරිමය දක්වා පැමීණිම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගග පහළ ජනතාවට සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසති.
විශේෂයෙන් ගංගා අසල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකල යුතු බව මොරගහකන්ද වාරි ඉංජිනේරු කාර්යාලය නිවේදනය කර සිටියි.
මේ වනවිට මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම වන ඝන මීටර් 185 ට ආසන්නව පවතියි.
මේ අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේ මේ වනවිටත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට සූදානමින් පසුවන ලෙස දන්වා ඇති බවයි.
නාඋල - ඉන්දික අරුණ