පාර්ලිමේන්තුව අසල දියවන්නා වෙසක් කලාපය සැණකෙළි ස්වරූපයෙන් තොරව සුහුරු, ඉතාමත් චාම් වෙසක් කලාපයක් බවට පත්කරන බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, පසුගිය දශක 6/7 කාලය තුළ වෙනස් නොවූ තොරණ හා වෙසක් කූඩු සම්ප්රදායේ වෙනසක් මෙවර සිදුකරන බවයි.
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය, දියවන්නාව, පාර්ලිමේන්තු පාර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අපේගම පරිශ්‍රය ජවර්ධනපුර රෝහල දක්වා මෙවර දියවන්නා වෙසක් කලාපය විහිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අපේගම පරිශ්‍රයේදී රටවල් 10ක් අනන්‍යතාවන් සහිත බෞද්ධ මධ්‍යස්ථාන 10ක් ඉදිකරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, මිනිසුන්ගේ සාක්කු හිස් නොවන, හිත් පුරවන වෙසක් කලාපයක් සංවිධානය කරන බවද වැඩිදුරටත් පැවසීය.