ආර්ථිකයේ දරුණු කඩාවැටීම වළක්වනු පිණිස රජය අලුතින් මුදල් අච්චු ගැස්සුවද, එය ආර්ථික නගාසිටුවීමට නොව රට ග්‍රීසිය මෙන් දරුණු ආර්ථික ගරා වැටීමත් කරා යොමු කිරීමට හේතු වන බවත්, මෙයට පිළියම නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමුවීම පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව පවසා සිටියේ, මහජන එක්සත් පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී අද (10දා) අදහස් දක්වමිනි.
" මේ රජයට නිෂ්පාදන ආර්ථිකය ඉහළ දැමීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඛනිජ තෙල් මිල ඉහළ දැමීම සඳහා මිල සූත්‍රයක් නොපවතින බැවින් ඉන්දීය තෙල් සමාගම එහි නිෂ්පාදනයන්හි මිල ඉහළ දැම්මා. ඛනිජ තෙල් සංස්ථාව තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ ක්‍රියාවලියක නිරත වී සිටිනවා." යැයිද ඔහු සඳහන් කළේය.
අමිල සංකල්ප