ශ්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමු වරට දැකගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ සහ ආසියානු රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, චීනය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය,කාම්බෝජියාව, මියන්මාරය සහ මැලේසියාව යන රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප්රදායන්විදහා දැක්වෙන, ඒ ඒ රටවලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි මෙවර දියවන්නා වෙසක්ක ලාපයේදී දැකගත හැකි බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දියවන්නා වෙසක් කලාපය අද (10දා) දින පස්වරු 6.30 සිට දියත උද්‍යානය, පාර්ලිමේන්තුසංකීර්ණය අවට, ජපන් මිත්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත.අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කර තිබේ.
දියවන්නා ඔය ආශ්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක්ද, පොල්දූව මංසන්ධියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත්‍රත්ව පාරේ, අපේගම පරිශ්‍රයට යාබදවෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරණ, වෙසක් කූඩු, ශ්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප්රදාය ඇතුළු අලංකෘතවෙසක් සැරසිලි රාශියකින් සමන්විතය.
අද (10දා) රාත්‍රී 7.30 සිට 12 වැනිදා රාත්‍රිය දක්වා දිනකට 75,000කටසහභාගි විය හැකි මහා බත් දන්සලක්, දින පහ පුරාම ක්‍රියාත්මක නූඩ්ලස් දන්සල සහ ඔසුපැන්දන්සල්ද මෙම කලාපයේ පැවැත්වේ.එමෙන්ම හෙට (11දා) උදෑසන 3,000 ක් දෙනා වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන සහ එදිනම දහවල් මහාසංඝරත්නය 500 නමක් උදෙසා මහා පිණ්ඩපාත චාරිකාව සහ සංඝත දක්ෂිණාවද කථානායක නිල නිවසේ දී පැවැත්වේ.
දියවන්නා වෙසක් කලාපයේ සමාරම්භය මැයි 10 වැනිදා සවස 6.30 ට දියත උද්‍යාන පරිශ්‍රයේදී මහා සංඝරත්නය ප්රමුඛව කථානායක කරු ජයසූරිය සහ අමාත්‍ය පාඨලී චම්පික රණවකමහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භවීමට නියමිතය.