ගාලු වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් නඩුව පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා පැවැසූ බව රහස් පොලීසිය අධිකරණය දැනම් දුන්නේය. ඒ අනුව එම නඩුව අවසන් කිරීමටත් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට මහතාට එරෙහිව පැවැති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අද (7දා) නියෝග කළේය.