නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ජනාධිපතිවරයාට සහය පළ කිරීමට ගිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් දෙගිඩියාවෙන් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද(07දා) පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අද පොහොට්ටුවේ ඉදලා රනිල් වික්රමසිංහ සරණං ගච්ඡාමි කියාගෙන ගිය කට්ටියට කරකැවිලා වැටිලා තියෙන්නේ. ඇයි? ධම්මික පෙරේරා පොහොට්ටුවේ නෙවෙයි. එයාව මාකට් කරන්න බෑ කියලා තමයි ගියේ. දැන් පොහොට්ටුවේ ඉදලා රනිල් වික්රමසිංහ මහත්මයා ලගට ගිය තරැණ මන්ත්රීවරැන්ගේ පපුව දැන් ගැහෙනවා අපේ අනාගතයට මොකද වෙන්නේ කියලා.මොකද නාමල් රාජපක්ෂ කියන්නේ ඔරිජිනල් පොහොට්ටු කාරයෙක්නේ.