01) Youtube අන්තර්ජාලයේ ජනප්‍රියතම video sharing වෙබ් අඩවිය වන අතර, චැඩ් හර්ලි (card hurley), ස්ටීච් චෙන් (steve Chen) සහ ජාවඩ් කරීම් (Jawed Karim) එහි නිර්මාණකරුවෝ වෙති.
02) එය නිර්මාණය කිරීමේ පළමු අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවැති රාත්‍රී සාදයකදී පටිගත කළ වීඩියෝවක් චැඩ් හර්ලි සමග හුමවාරු කිරීමේදී මුහුණ දීමට සිදුවූ දුෂ්කරතාවන් බව පැවසේ.
03) Google ආයතනය විසින් 2006 වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.65කට Youtube ආයතනය මිලදී ගෙන ඇති අතර, එම මුදලින් එවකට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වූ A380 ජම්බෝ ජෙට් යානා 05ක් මිලදී ගත හැකිවිය.
04) Youtube සඳහා වැය වන මුදල පිළිබඳ කිසිදු සඳහනක් නොකරන ගූගල් ආයතනය ආදායම ගැනද කිසිවක් ප්‍රකාශ නොකරයි. කෙසේ වෙතත් 'ෆෝබ්ස්' සඟරාව පවසන පරිදි 2008දී යූ-ටියුබ් ආදායම ලෙස ඩොලර් මිලියන 200ක් පමණ උපයාගෙන තිබිණි.
05) අන්තර්ජාලයේ සම්පූර්ණ Trafficවලින් 10%ක් Youtube වන අතර, එක් දිනක් තුළ නරඹන සම්පූර්ණ වීඩියෝ ප්‍රමාණය බිලියන 02කි.
06) YouTube හි ඇති වීඩියෝවක සාමාන්‍ය දිග (Average Length) මිනිත්තු 02 තත්පර 46.17ක් වන අතර, YouTube වෙත දිනකට Upload කරන මුළු වීඩියෝ ගණන 829,440කි. එනම් තත්පරයකට වීඩියෝ 10කි.
07) YouTube තුළ දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමාණය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වනු ඇත.
ඉන්දික මදුසංක