01) ADEQUATE AMOUNT ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. ඔබට සුදුසු ප්‍රමාණය කොපමණදැයි දැනගන්න. ශරීරය විජලනය වීම වළක්වාගන්න. සෑම විටම කෘත්‍රීම පානවලට වඩා පානීය ජලය තෝරාගන්න.
02) Bottle of water පානීය ජල බෝතලයක් නිතරම ඔබ ළඟ තබාගන්න. ඔබගේ පෞද්ගලික පරිහරණය සඳහා වීදුරු / නැවත පාවිච්චියට සුදුසු ප්ලාස්ටික් බෝතලයක් ගන්න.
තාපයට, හිරු එළියට නිරාවරණය වූ ප්ලාස්ටික් බෝතල් පරිහරණය නොකරන්න. එක්වරක් පමණක් පාවිච්චියට සුදුසු බෝතල් (උදා - මිනරල් වතුර බෝතල්) නැවත නැවත පරිහරණය නොකරන්න.
03) Clean water පිරිසුදු ජලය බීමට ගන්න. අපද්‍රව්‍ය සහිත ක්ෂුද්‍ර ජීවීන්, විෂ බීජ, රසායනික විෂ කලවම් වූ අපවිත්‍ර ජලය භාවිතයට යට ගැනීමෙන් වළකින්න.
04) Day all day දවස පුරා ජලය පානය කරන්න. උදෑසන අවදිව රාත්‍රියේ නින්දට යනතෙක් හැකි සෑම විටම ජලය පානය කරන්න.
ඔබ නිවසින් පිටත් වීමට ප්‍රථම, එදිනට අවශ්‍ය පානීය ජලය ලබාගන්නේ කෙසේදැයි සැලසුම් කරන්න.
05) ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නේ නම් ඔබේ මුත්‍රා අවර්ණ බවින් යුක්ත වන අතර පිපාසය ඇතිවන තෙක් නොසිට පිපාසයක් ඇතිවීමට පෙර නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
06) Extra water ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවල, වැඩිපුර උණුසුම් දිනවල සහ වායු සමීකරණය කළ හෝ විදුලි පංකා සහිත තැන්වල සිටින විට සහ උණ / පාචනය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙනවිට වැඩිපුර ජලය පානය කරන්න.
07) Food ජලය අඩංගු ආහාර ගන්න. ජලය බහුලව ඇති එළවළු, පළතුරු, පළාවර්ග, තැඹිලි, කිරි සහිත ආහාර, කැඳ සහ සුප් ආහාරයට ගන්න. ඖෂධීය පානයන්ද ඉතා අගනේය.
තොරතුරු :- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය