01) ලෙන්චිනා මගෙ නංගියේ
සුනිල් එදිරිසිංහ සූරීන් විසින් ගායනා කරනු ලබන රත්න ශ්‍රී විජේසිංහ සූරීන් විසින් පද රචනය කරනු ලැබූ, රෝහණ වීරසිංහ සූරීන් තනු නිර්මාණය කළ මෙම ගීතය මෙරට ගැරහීමට ලක්වූ, පහත් යැයි සම්මත කුලයක මිනිසුන් ගැන හා ඔවුන්ගේ ජීවන වෘත්තිය පිළිබඳව පැවසෙන ගීතයකි. මෙහිදී ඔවුන්ගේ වටිනාකම පිළිබඳවද කතාකරයි.
02) රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
සුනිල් එදිරිසිංහ සූරීන් විසින් ගායනා කරනු ලබන, බන්දුල නානායක්කාරවසම් මහතා රචනය කළ, රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ මෙම ගීතයෙන් කියවෙන්නේ ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන ඇඟලුම් සේවිකාවන් එහිදී විඳින දුක් ගැහැට හා එහි ඇති දුෂ්කරස්වභාවය පිළිබඳවයි.
03) කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය නිවා
'හුලවාලි' චිත්‍රපටයේ එන සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරනු ලබන, ධර්මසිරි ගමගේ මහතා රචනය කළ, වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ මෙම ගීතය ආදරය පිළිබඳව ලියැවුණු සුවිශේෂී ගීතයකි. චිත්‍රපටයේ ගාඩි රැහේ නායකයා තමන් ආදරය කළ තම බිරිඳ වෙළෙන්දෙකු සමග යනවිට දුක්මුසුව බලා සිටින අවස්ථාවේදී මෙම ගීතය වාදනය වේ. මෙහි අවසාන පද පේළි දෙකෙන් එනම්
'ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත්කම සකී' යන්නෙන් ආදරය යනු වෛරය නොවන බව වර්තමාන පරම්පරාවට පෙන්වා දෙයි.
04) පැන මඩකඩිති වැවු තාවුලු
සුනිල් එදිරිසිංහ සූරීන් විසින් ගායනා කරනු ලබන, මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරනු ලැබූ, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරනු ලැබූ, මෙම ගීතය මගින් ගුරුවරයෙකුගේ වටිනාකම, ඔවුන්ගේ ජීවිතය සිසු දරුදැරියන්ටම වැය කරන ආකාරය පවසයි.
ලාංකේය ගුරුවරුන් පිළිබඳව ලියැවුණු අග්‍රගණ්‍යම ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
05) සියාතුවේ මා මිතුරේ
සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන, වසන්ත කුමාර කොබවක මහතා රචනය කළ, රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතවත් කරනු ලැබූ මෙම ගීතය නූතන අඳ ගොවියාගේ දුක්ඛාන්තය කියා පායි.
වතුර නොමැති වීමෙන් ඔවුන්ට සිය ජීවිකාව කරගෙන යාමට නොහැකි ආකාරය මෙමගින් පවසයි.
06) තිරය ඇරෙනවා තිරය වැහෙනවා
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන,බණ්ඩාර ඇහැළියගොඩ මහතා විසින් රචනා කරනු ලැබූ,රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මෙම ගීතයද සුවිශේෂී ගීතයකි.
හේනේ කෙතේ ගොයම් කපා හුරුපුරුදු නැති, වතුර කළයක් අල්ලා නැති නාගරික දරුවන් එම නැටුම් ඉදිරිපත් කරද්දී, ඒ සියල්ල හුරු ගැමි දරුවන්ට ඒවායේ නරඹන්නන්වී සිටීමට සිදුවීම මෙහිදී පෙන්වා දෙයි.
07) අනේ මෙහෙම තන්හාවක්
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරනු ලබන, පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් රචනා කරනු ලැබූ, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරනු ලැබූ මෙම ගීතය මිනිසා අශාවන් පසුපස යාමෙන් විනාශ වන ආකාරය බෞද්ධ සාහිත්‍යයේ එන කතා ඇසුරින් පවසන ගීතයකි. මිනිසාගේ සිතේ ඇති තෘෂ්ණාව මෙමගින් මනාව කියා පායි.
ප්‍රියාන් ෂමික