1) රන් හෝතඹුවා (Paradoxurus zeylonensis)
ක්ෂීරපායී ගණයේ නිශාචර සත්ත්වයෙකි. රන් දුඹුරු පැහැති රෝම ශරීරය පුරා දක්නට ලැබේ. විල්පත්තුව ආශ්රිත වියළි කලාපයේ දක්නට ලැබේ.
2) දුම්බර කුරු බෝදිලිමා (Cophotis dumbara)
ශ්‍රී ලංකාවේදී හමුවන කුඩාම කටුසු විශේෂයන්ගෙන් එකෙකි. මධ්‍යම කඳුකරයට අයත් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව ඇල්ගී බැඳුණු අතුරිකිලි මත ජීවත් වේ.
3) ගඩයා (Labeo fisheri)
වඳවී ගොස් ඇති මත්ස්‍ය විශේෂයක් ලෙසට හඳුනාගෙන තිබුණද මෑත කාලයේදී මහවැලි ගඟේ වරාතැන්න හා මොරගොල්ල යන ප්‍ර‘දේශයන්හිදී හමුව ඇත. මහවැලි ගඟෙහි හා අතු ගංගාවල ඉදිකරනු ලබන කුඩා ජල විදුලි බලාගාර හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන දැඩි ලෙස තර්ජනයට ලක්වෙමින් පවතී.
4) සිදුරු නිලයා (Arhopala ormistoni )
වර්ණවත් සමනලයෙකි. ශ්‍රී ලංකාවේ හොරණ ප්රද්ශෙයේ වතු යායකදී මෑත කාලයේදී හමුව ඇත. පෝෂතා ශාක ලෙස හල් හෝ හල් අයත්වන කුලයේ ශාක දැක්විය හැකිය.
5) ශ්‍රී ලංකා පඬුවන් බස්සා (Otos thilohoffmanni )
මෑත කාලයේ ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද කුඩා බකමූණු විශේෂයකි. පහත රට තෙත් කලාපයේ පමණක් වාර්තා වන අතර දිවා කාලයේ බට පඳුරු ආශ්‍රිතව සැඟව සිට රාත්‍රී කාලයේ එළියට පැමිණේ. හඬ මැඩියෙකුගේ හඬක් ගනී.
6) බන්දුල පෙතියා (Pethia bandula)
ලංකාවේ ගලපිටමඩ ප්‍රදේශයේ දොළක පමණක් වාර්තා වන අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. බුලත් හපයා මත්ස්‍යයාට බෙහෝදුරට පෙනුමෙන් සමාන වේ.
7) ශ්‍රී ලංකා අරංගයා (Myophonus blighi )
ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් වාර්තා වේ. පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන් දුඹුරු පැහැතිය. ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් 'WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද හඳුන්වයි.