01) තම වයස් මට්ටම අනුව විලාසිතාවන් තෝරා ගැනීම
ළමා, තරුණ, වැඩිහිටි සහ මහලු වශයෙන් විවිධ අවධි කිහිපයක ජීවත් වන පිරිස් අප අවට සිටී.
එනම් මෙසේ තමා පසුවන අවධිය හෙවත් වයස් මට්ටම පිළිබඳව අවබෝධයක් ඇතිව විවිධ විලාසිතාවන් සඳහා යොමු වීම තුළින් එම පුද්ගලයා පිළිබඳව සමාජයේ නිශ්චිත පිළිගැනීමක් ඇති වීම නොඅනුමානය.
02) ස්ත්‍රී පුරුෂ භාවය තේරුම් ගනිමින් විලාසිතාවන් සඳහා යොමු වීම
තමා උත්පත්තියෙන්ම උරුමක්ම් කියන සුත්‍රී පුරුෂ භාවයට හා තම ශරීර ස්වභාවයනට නොගැළපෙන විවිධ විලාසිතාවන්ට යොමු වීම තුළින් ඇතැම් පිරිස් තම ආත්ම අභිමානය කෙලෙසා ගන්නා ආකාරයක් දැකගත හැකිය.
එම කරුණ මත පිරිමියා තම පෞරුෂය වැඩිවන අයුරිනුත්, කාන්තාව තම ලස්සන ඔප් නැංවෙන අයුරිනුත් විලාසිතාවන් තෝරාගන්නේ නම් ඔබ, ඔබ ගැනම ආඩම්බර වනු ඇත.
03) තැනට උචිත විලාසිතාවන්ගෙන් සැරසීම
තම සේවා වෘත්තියට, තමා සහභාගිවන විශේෂ අවස්ථාවන් මූලික කර ගනිමින් ඒ ඒ ස්ථානයන්ට ගැළපෙන අයුරින් විලාසිතාවන් කිරීම ඉතා වැදගත් වේ.
එනම් කෙනෙකු මංගල උත්සවයකට හෝ වෙනත් මොනයම් උත්සවයකට සහභාගි වන්නේ නම් තරමක් විසිතුරු අඳුමෙන් සැරසිය යුතුය.
කාන්තාවන් නම් ආභරණයන්ගෙන්ද සැරසෙනවා ඇති. එසේම තම සේවා ස්ථානයට, පූජ්‍ය ස්ථානයකට යාමේදී ඒ තැනට සුදුසු ඉතා චාම් මෙන්ම සංවර ඇඳුමින් සැරසී යාම ඉතා යෝග්‍ය වේ.
04) ශරීර ස්වභාවය අනුව විලාසිතාවන් තෝරා ගැනීම
එකිනෙකාගේ ශරීර ස්වභාවයන් විවිධ වේ. උස් මිටි බව හා සිහින් සහ තරබාරු සිරුරු ඇති පිරිස් අප අතර වේ.
වර්තමානයේදී බොහෝ පිරිස් තම සිරුරේ හැඩයට නොගැළපෙන විලාසිතාවන් සඳහා යොමු වීම තුළින් ශරීරයේ ඇති අවලස්සන පෙනුම එයින් තව දුරටත් ඔප්නැංවීමක් සිදුවේ.
fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
05) තම මුහුණේ හැඩය, හමේ වර්ණය අනුව උචිත විලාසිතාවන් තෝරා ගැනීම
සෑම පුද්ගලයෙකුටම උත්පත්පත්තියෙන්ම හිමි වූ රූ සපුවක් ඇත. ඒ අනුව තමන්ගේ මුහුණේ හැඩයට, තම හමේ වර්ණයට ගැළපෙන විලාසිතාවන් සඳහා යොමු වීම කළ යුතු වේ.
විශේෂයෙන් මුහුණේ හැඩයට ගැළපෙන කොණ්ඩා මෝස්තරයක්, උපැස් යුවලක් පැලඳීම පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ. එසේම තම හමේ වර්ණයට ගැළපෙන වර්ණයන්ගේ ඇදුම් මෙන්ම ආභරණ පැලඳීම ඉතා යෝග්‍ය වේ.
06) ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලක් යොමු කරමින් විලාසිතා සිදු කිරීම
වර්තමානයේදී බොහෝ පිරිස් හිසකෙස් වර්ණ ගැන්වීම, හිසකෙස් විවිධ හැඩයන්ට සැකසීම සඳහා නොයෙකුත් රසායනික දෑ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතයට ගැනේ.
ඇතැම් අවස්ථාවන්හිදී එවැනි රූපලාවණ්‍ය ද්‍රව්‍ය ශරීරයට අහිතකර විය හැකි බැවින් ඒවා අලේපයට පෙර ඔබගේ ශරීරයට විෂ වන්නේ දැයි සොයා බැලීම අනිවාර්යය වේ.
එසේම රැකියාවන් සඳහා යන බොහෝමයක් කාන්තාවන් ඉතා උස් පාවහන් පලඳින අතර, දිගු කාලිනව එවැනි පාවහන් පැලඳීමෙන් නොයෙකුත් අතුරු ආබාධ පැමිණීමේ අවධානමක් පවතී.එම නිසා තම ලස්සන පිළිබඳ සිතීමේදී තම ශරීරයට හිතකර බව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
07) තවකෙකු අනුකරණය නොකිරීම
රූපලාවණ්‍ය යනු තවෙකු කළ පමණින් තමන් කළ යුතු දෙයක් නොවන අතර, තමන්ගේ පෙනුම අලංකාරය, ප්‍රිය මනාප බව වැඩි දියුණු කරගැනීම සඳහා තමන්ට උචිත විලාසිතාවන් සඳහා යොමු වීමකි.
එනම් තමන් පිළිබඳ අනන්‍යතාවක් ගොඩනගා ගැනීම සඳහා යොග්‍ය වන්නේ තවකෙකු අනුකරණය කිරීම නොව යෝග්‍ය වන්නේ තමන්ට ගැළපෙන විලාසිතාවන් කිරීමය.