වර්තමානයේ සෑම නිවසක වාගේ විදුලි බුබුළු දැකගන්නට හැකිවුවද විදුලි බුබුළේ උපත සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු නොදනී. මේ ඒ පිළිබඳ කරුණු 7කි.
01) 1810දී ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩ්රා වෝල්ටා සිටුවරයා විසින් බැටරියට වයර් සහ අඟුරු කැටියක් සම්බන්ධ කිරීමෙන් අපදා රහිත ලාම්පුව සොයා ගත්තේය.
එය ප්‍රථම දැවෙන බල්බය ලෙස හැඳින්විය හැක.
02) 1820 දී වොරන් ඩිලා රූ, හිස් නළයක් තුළට ප්ලැටිනම්වලින් සෑදු දඟරයක් දමා ඒ මගින් විදුලි ධාරාවක් ගමන් කරවීමට සමත් වූ අතර, ප්ලැටිනම් ඉතා මිල අධික වීම නිසා සුමට කම්බියක් හෙවත් සූත්‍රිකාවක් නිපදවීමට විද්‍යාඥයෝ වෙහෙසක් දැරීය.
03) ඉංග්‍රීසි භෞතික විද්‍යාඥ ජේම්ස් ප්‍රෙස්කොට් ජුලි විසින් විදුලි ධාරාවක්, සුත්‍රිකාවක් තුළින් යනවිට තාපයද සමග ආලෝකයද උපදින බවට සොයා ගත්තේය.
විදුලි බල්බයක් යනු දින කිහිපයකින් වියදම් අඩු, කුඩා, සවිකිරීමට පහසු දෙයක් වියයුතු වීම නිසාවෙන් විද්‍යාඥයන්ට එය ගැටලුවක් විය.
04)
මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලෙස 1840දී ඉංග්‍රීසි ජාතික භෞතික හා රසායනික විද්‍යාඥයෙකු වූ ජෝසප් විල්සන් ස්වෝන් ලෝකයේ ප්‍රථම විදුලි බල්බය ලෙස සැලකෙන තාපදීප්ත විදුලිබල්බය සොයාගෙන ඉන් වර්ෂ 20කට පමණ පසු ඒ සඳහා පේටන්ට් බලපත්රයද ලබා ගත්තේය.
එහෙත් එය පර්යේෂණ මට්ටමේ බල්බයක් පමණක් විය.
05) 1879දී තෝමස් අල්වා එඩිසන් විසින් එම වාර්තාව බිඳ දැමුවේය. එයට සුදුසු සූත්‍රිකාව සොයා ගැනීම සඳහා එඩිසන් සහ ඔහුගේ සහායකයන් විකල්ප ශාක තන්තු හය දහසකට වඩා පරීක්ෂා කර තිබේ.
06) අවසානයේදී උණ ගසේ තන්තුවලින් සෑදූ සූත්‍රිකාවක් යොදාගෙන එඩිසන් සෑදු විදුලි බල්බය වොට් 16ක එකකි.
එය පැය 1200ක් 1500ත් අතර කාලයක් නොදැවී දැල්වුණේය. එඩිසන් ස්වෝන්ගේ පේටන්ට් බලපත්රයද තමා වෙත ගෙන්වා ගත්තේය.
07) තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙක් වන අතර, මානව සංස්කෘතිය නව මගකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කරන ලදී.
ග්රැමෆෝනය හා විදුලි බුබුළ ඉන් සමහරකි.
දිනිත් කණිෂ්ක