01) පිරිමි පාර්ශ්වය විසින් කාන්තාවට නිසි රැකවරණයක් ලබානොදීම
කාන්තාව යනු උත්තරීතර මවු පදවියට උරුමකම් කියන්නියක වන අතර, එසේ වූ කාන්තාවට හිමිවිය යුතු නිසි තැන ලබානොදීම හෙවත්, ඇයට අවැසි රැකවණය ලබානොදීම හේතුවෙන් කාන්තාව සමාජයේ විවිධ අවස්ථාවන්හිදී හිංසනයට පත්වේ.
මෙය වර්තමානයේදී ළමා, තරුණ, වැඩිහිටි යන වයස් භේදයකින් තොරව සිදුවන ක්‍රියාවකි.
02) කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් ලෙස භාවිත කිරීම
මුද්‍රිත, රූපවාහිනී, ගුවන්විදුලි සහ නව මාධ්‍යයන් යන සියල්ලකගේම වෙළෙඳ භාණ්ඩයක් බවට අද වනවිට කාන්තාව පත්වී තිබේ.
පුවත්පතක මුල් පිටුව, වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍යයන් යන සියල්ලක්ම ඔවුන්ගේ රූප මාධ්‍ය බවට පත්කර ගෙන ඇත්තේ කාන්තාව බැවින්, කාන්තාව හිංසනයට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ.
03) ගෘහසේවය සඳහා කාන්තාව විදෙස්ගත කිරීම
වර්තමානයේ බොහෝ පවුල්හි කාන්තා පර්ශ්වය ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල්හි සේවයෙහි නිරත වේ.
තම මව හෝ සහෝදරිය හෝ වේවා මෙසේ විදෙස් රටක ගෘහ සේවයෙහි නිරතවීම තුළින්, ඔවුන් විවිධ හිංසනයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇති බව ද දක්නට ලැබේ.
04) පිරිමි පාර්ශ්වය මත්ද්‍රව්‍ය, මත්කුඩු සඳහා ඇබ්බැහිවීම සහ ඔවුන්ගේ සල්ලාලකම
මත්ද්‍රව්‍ය, මත්කුඩු භාවිත කරන පිරිමින් විකෘති මානසික තත්ත්වයකට පත්වීම සහ එවැනි මානසික මට්ටමක් තුළ කාන්තාවන් වැඩි වශයෙන් හිංසනයට පත්වේ.
මෙවැනි කරුණු මත වැඩි වශයෙන් හිංසනයන්ට පත්වන්නේ ඉතා බාල වයස්හි දැරිවියන් වේ.
05) තාක්ෂණික අවභාවිතාව
දිනෙන්දින දියුණු වන තාක්ෂණය සමග මුහුණුපොත (facebook), වයිබර් (viber), ඉමෝ (imo), යූ-ටියුබ් (YouTube) භාවිත කරනු ලබන ඇතැම් කාන්තාවන් මෙයින් ගත යුතු හොඳ පැතිකඩ නොව වැරදි භාවිතාව හේතුවෙන් කාන්තා සියදිවි නසාගැනීම්, ලිංගික අතවරයන්ට පත්වීම්, පැහැරගැනීම් වැනි අකටයුතුකම් ගණනාවක් සිදුවේ.
06) වැඩබිම් තුළදී සිදුවන කාන්තා හිංසනය
කාන්තාව යනු වර්තමාන ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශවය අබිභවා ගිය රටේ සංවර්ධනයට හවුල් වන ශ්රමබළකායකි. එසේ වූ කාන්තාවන් තම සේවා ස්ථානයන්හි ප්‍රධානීන්ගේ හිංසනයන්ට පත්වන අවස්ථාවන් බහුල වේ.
ඇතැම් ආයතන ප්‍රධානීහු තම සේවකයන් අතකොළුවක් කරගනිමින් ඔවුන්ගේ උවමනා එපාකම් සම්පූර්ණ කර ගැනීමට ආයතනය තුළදීද මෙන්ම පිටදී ඔවුන්ව හිංසනයට පත්කරති.
07) ලාංකේය සමාජයට උචිත නොවන විවිධ විලාසිතාවන් කාන්තාව අනුකරණය කිරීම
කාන්තාව යනු උපතින්ම සුන්දරත්වයට උරුමකම් කියන්නියක වන අතර, ඇය විලාසිතාවන් සදහා වැඩි උනන්දුවක් දක්වයි.
වර්තමානෙය්දී මවුවරුන් සහ ඇතැම් දියණිවරුන් විසින් අඳිනු ලබන ඇඳුම් හේතුවෙන් ඔවුන් නොදැනුවත්වම සමාජය විසින් හිංසාවන්ට ගොදුරු වන අවස්ථාවන් බහුල වේ.