1) සාමයේ සහ සහජීවනයේ නාමයෙන් රට දෙකඩ කර අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරුබිමක් බවට පත්කිරීම සඳහා යොදාගනු ලබන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පරාජය කිරීමේ සටන.
2) රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට රට ගොදුරු කෙරෙන ආකාරයට ආරක්ෂක හමුදා සහ රාජ්‍ය පාලන තන්ත්රයන් දුර්වල කර දුර්මුඛ කිරීමේ අධිරාජ්‍යවාදී මෙහෙයුම පරාජය කිරීමේ සටන.
3) ඉන්දියාවේ පස්වැනි හමුදාව වන ඉන්දියානු කම්කරු හමුදාව ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාවට කඩාවැදීමට ඉඩ සලසන සහ එමගින් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ නූතන වහල්බිමක් බවට පත්කෙරෙන ඉන්දු-ලංකා 'එට්කා' ගිවිසුමට එරෙහිවීමේ සටන.
4) රට තුළ ජාතිවාදී ගිනිදැල් අවුළුවමින්, විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් කෘත්‍රිමව ඇතිකිරීම සඳහා විවිධ අධිරාජ්‍යවාදී බලවේග විසින් ගනුලබන උත්සාහය පරාජය කිරීමේ සටන.
5) ආනයනික තිරිඟු පිටිවලට අසීමිත බදු සහන දෙමින් විවිධ ආකාරයට මහා පරිමාණ විදේශීය ආහාර සමාගම්වලට වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමට ඉඩ සලසමින් රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළිමට එරෙහි වන සටන.
6) වරායවල්,රාජ්‍ය වාණිජ ආයතන ඇතුළු රාජ්‍ය දේපොළ, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා වැනි පද්ධති මහා සමාගම්වලට විකුණා දමා ග්‍රාමීය ගොවි ජනතාව මහා සමාගම්වල කුලීකරුවන් බවට පත්කෙරෙන ආකාරයට දියත්වන රජයේ ඉඩම් මහා පරිමාණයෙන් පෞද්ගලික සමාගම්වලට විකිණීම සහ බදුදීමට එරෙහි සටන.
7) රාජ්‍ය නොවන සංවිධාන, තෝරාගත් කලාකරුවන් සහ සමාජ වෙබ් අඩවි ආදී බහුවිධ ක්‍රමවේද යොදාගනිමින් තරුණ පරපුර ඉලක්කකර ගනිමින් දියත්වන සංකෘතික ආක්‍රමණය පරාජය කිරීමේ සටන.
(දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඇසුරින් සැකසිණි)