01) එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN)
දෙවැනි ලෝක යුද සමයෙන් පසු නැවත වරක් එවැනි යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා 1945 ඔක්තෝබර් මස 24 මෙම සංවිධානය ඇති කරගන්නා ලදී.
මෙම සංවිධානයේ මූලස්ථානයට නිව්යෝක් මෑන්හැටන්හී පිහිටා ඇත. වර්තමානය වනවිට රටවල් 193ක් මෙහි සාමාජිකත්වය ලබා ගෙන සිටියි.
මෙහි නිල භාෂාවන් ලෙස චීන, ඉංග්‍රීසි, රුසියන්, අරාබි, ප්‍රංශ, ස්පාඤ්ඤ භාෂා භාවිතා වේ.
02) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)
මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජන ආයතනයක් වන අතර, 1948 අප්‍රේල් 07දා ස්ථාපිත කරන ලදී.
මෙම සංවිධානයේ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවර පිහිටා තිබේ.
මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වනුයේ 'සමස්ත ජනතාව උදෙසා ළඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි.'
03) යුනිසෙෆ් සංවිධානය (UNICEF)
එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමුන්ගේ හදිසි අරමුදල ලෙස යුනිසෙෆ් සංවිධානය 1946 දෙසැම්බර් 11 වැනිදා බිහිවිය.
එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටා තිබේ.
මෙම සංවිධානය ආරම්භක අරමුණ වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පීඩාවට පත්වූ ළමුන්ට පිහිට වීම සඳහා අරමුදලක් පිහිටුවීමයි. ඊට අමතරව සංවර්ධනය වෙමින් පවත්නා රටවල ළමුන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වීම, ළමුන්ට වැලඳෙන රෝග මැඬලීම වැනි පරමාර්ථ රාශියක් සඳහා මෙම සංවිධානය පිහිටුවා ගැනිණි.
ඒ අනුව වර්තමානය වනවිට මෙම සංවිධානය රටවල් 190ක පමණ ක්‍රියාත්මක වේ.
04) යුනෙස්කෝ සංවිධානය (UNESCO)
එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය ලෙස මෙය හැඳින්වේ.
මෙම සංවිධානය 1945 නොවැම්බර් මස 16 වැනිදා පිහිටුවා ගනු ලැබූ අතර, වර්තාමනය වනවිට රටවල් 195ක් මෙහි සාමාජිකත්වය දරයි. මෙහි ප්‍රධාන කාර්යාලය ප්‍රංශයේ පැරිස්හී පිහිටා තිබේ.
ඒ අනුව මෙම සංවිධානය හරහා සාමාජික රටවල අධ්‍යාපනය, ස්වාභාවික විද්‍යාව, සමාජ/මානව විද්‍යාව, සංස්කෘතිය හා සන්නිවේදනය යන අංශයන් දියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
05) ලෝක වෙළෙඳ සංවිධානය (WTO)
මෙම සංවිධානය 1995 ජනවාරි මස 01 වැනිදා ලෝක වෙළෙඳ සංවිධානය බිහිවිය.
ලෝක වෙළෙඳාම නියාමන හා සංවර්ධන කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව වෙළෙඳාම සම්බන්ධයෙන් රටවල් අතර ගිවිසුම් ඇති කිරීම හා ආරවුල් විසඳීම මෙහිදී සිදුකරනු ලබයි.
මෙම සංවිධානය තුළ රටවල් 164ක් සාමාජිකත්වය ලබා ගෙන ඇත.
06) ඔපෙක් සංවිධානය (OPEC)
ඛනිජ තෙල් අපනයනය කරන රටවල් එකතු වීමෙන් 1960දී පිහිටුවා ගන්නා ලද සංවිධානය ඔපෙක් සංවිධානය වේ.
මෙම සංවිධානය ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් පිහිටුවා ගැනුණු අතර, මෙම සංවිධානයේ මූලස්ථානය වියානාවල පිහිටා තිබේ.
07) රතු කුරුස සංවිධානය (ICRC)
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මිනිස් ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා 1863 පෙබරවාරි 17දා ස්විට්සර්ලන්තයේ ජිනිවාහීදී පිහිටුවන ලදී.
මෙම මානව හිතවාදී සංවිධානය පිහිටුවීමේ ගෞරවය හිමිවන චරිත දෙකක් හඳුනා ගත හැකිය. එනම් හෙන්රි ඩූනන්ට් මහතා සහ ගුස්ටේව් මොයිනර් මහතායි.
මෙම සංවිධානය ලෝකයේ සෑම රටක් තුළම පිහිටුවා ඇති අතර, වර්තමානයේ ජාතික සංගම් 190ක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පිළිගෙන තිබේ. (විශේෂයෙන් මෙම සංවිධානය තෙවරක් නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන තිබේ.)