1.) පාපන්දු - ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකිය. යුරෝපය, අප්‍රිකාව, ආසියාව හා ඇමෙරිකානු මහද්වීප පුරා ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වන පාපන්දුවට ලොව පුරා විසිරී ඇති ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව බිලියන 3.5කි.
2.) ක්‍රිකට් - ශ්‍රී ලංකාවේද ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ලොව පුරා දෙවැනි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව ඇති ක්‍රීඩාව ලෙසද හඳුනාගත හැකිය. ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියන 2.5ක්, ක්‍රිකට් ක්‍රීඩාව වටා එක්රොක්වී ඇතත් එය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ආසියානු, ඔස්ට්‍රේලියානු මහද්වීපයේ හා යුරෝපයෙන් එක්සත් රාජධානියේය.
3.) හොකී - යුරෝපා, අප්‍රිකා, ආසියානු හා ඔස්ට්‍රේලියානු මහද්වීප පුරා විසිරී පවතින හොකී ක්‍රීඩාව, ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියන දෙකකගේ පමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකර ගැනීමට සමත්ව තිබේ.
4.) ටෙනිස් - යුරෝපය, ආසියාව හා ඇමෙරිකාවේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්ව ඇති ටෙනිස් ක්‍රීඩාව ලොව ජනප්‍රියම ක්‍රීඩා අතරට අයත් වී ඇති ඒකල ක්‍රීඩා අතලොස්ස අතරින් එකකි. ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියනයකගේ පමණ ආකර්ෂණය දිනාගැනීමට මෙය සමත්ව ඇත.
5.) වොලිබෝල් - ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ, ඇමෙරිකානු , ඔස්ට්‍රේලියානු හා යුරෝපානු කලාපයේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව තිබේ. ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 900ක් පමණ මේ වටා රොක්ව තිබේ.
6.) මේසපන්දු - ඒකල ක්‍රීඩාවක් ලෙස ලොව පුරා ජනප්‍රිය වී ඇති මේසපන්දු ආසියානු, යුරෝපා, ඇමෙරිකානු හා අප්‍රිකානු කලාපයන්හි වැඩි ප්‍රසිද්ධියක් හා ජනප්‍රියත්වයක් උසුලයි. ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 850ක් පමණ මෙය වටා එක්රොක්වී ඇත.
7.) බේස්බොල් - ශ්‍රී ලංකාවේ හෝ ලොව බොහෝ රටවල එතරම් ප්‍රසිද්ධියක් දිනාගැනීමට අසමත් වුවද බේස්බෝල් ක්‍රීඩාවට ඇමෙරිකාවේ හා ජපානයේදී හිමිවන්නේ අතිශය ඉහළ ජනප්‍රියත්වයකි. එමෙන්ම මෙය වටා ලොව මිලියන 500ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක්ද එක්රොක්වී ඇත.