01)
නිව් යෝක් හි වරාය මධ්‍යයේ පිහිටි Liberty Island නම් කුඩා දූපතක නිමවා තිබෙන ලිබර්ටි ප්‍රතිමාව (Statue of Liberty) ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සලකනු ලබයි.
02) ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇති වූ මිතුදම සංකේතවත් කිරීම සඳහා 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමෙරිකාවට මෙය ප්රදානය කර තිබේ.
03)
මෙය ෆෙඩ්රික් ඕගස්ට් බර්තෝල්ඩ් (Frederic Auguste Bartholdi) නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහි පාදස්තලය සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුණ අතර, ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුණි.
ප්‍රතිමාව ප්‍රංශයේදී කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එක්ලස් කිරීමට තීරණය කෙරිණි. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට දෙරටටම මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අතර, ඒ සඳහා ලොතරැයි දිනුම් ඇදීම, කලා ප්‍රදර්ශන පැවැත්වීම, භාණ්ඩ වෙන්දේසිය ආදිය සිදුකෙරිණි.
04) බර්තෝල්ඩ් (Bartholdi) මහතාට ප්‍රතිමාව නිම කිරීමේ කටයුතු සඳහා සුප්‍රකට ප්‍රංශයේ අයිෆල් කුලුනේ නිර්මාණකරු වූ ගස්ට්වේ අයිෆල් Gustave Eiffel මහතාගේ සහායද හිමි විය.
05) මෙය 1884 ජූලි මාසය වනවිට ප්‍රංශයේදී සාදා නිම කරන ලද අතර, එය කොටස් 350කට පමණ වෙන්කර ලෑලි පෙට්ටි 214ක බහා නැව් මාර්ගයෙන් 1885 ජූලි මාසයේ දී නිව්යෝක් නගරයට ගෙන ආවේය.
1886 අප්‍රේල් මාසය වනවිට මෙහි පාදමද සාදා නිම කෙරුණි. ඉන් පසු ඒ මත ප්‍රතිමාව එක්ලස් කිරීම ඇරඹුනි. 1886 ඔක්තෝබර් 28 දින මහත් උත්සවශ්‍රීයෙන් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කෙරිණි.
06)
ලිබර්ටි ප්‍රතිමාව පොළොවේ සිට මුදුනත ගිනිසිළුව දක්වා සම්පූර්ණ උස අඩි 305 අඟල් 1ක් (මීටර 93) පමණවේ.
අභ්‍යන්තර සැකිල්ල ලෝහයෙන් සාදා ප්‍රතිමාව මිලි මීටර් 2.5 පමණ ඝනකම් කොපර් (Copper) ලෝහයෙන් නිමවා තිබේ. ලිබර්ටි ප්‍රතිමාව කොළ පැහැයක් ගන්නේ මෙම කොපර් ලෝහය නිසාවෙනි.
07) මෙම ප්‍රතිමාවෙන් රෝම දෙවඟනක් වන නිදහසේ දෙවඟන (Goddess of Liberty) නිරූපණය වන බව සැලකේ.
දකුණත රැඳි ගිනි සිළුවෙන් අවබෝධයත් ( Enlightment ) වමත රැඳි පොතෙහි (Tablet) ඇමෙරිකාවේ නිදහස් කෙටුම්පත සකස්කළ දිනය වූ 1776 ජූලි 4 දින කොටා තිබෙන අතර, පාදයේ ඇති බිඳි දම්වැල මගින් කෲර පාලනයෙන් සහ වහල් බවින් මිදීම සංකේතවත් වන බව පැවසේ.
දිනිත් කණිෂ්ක