01) ලෝකයේ සුවිශේෂී කලා නිර්මාණ බිහිවූ සමයක් ලෙස 18 වැනි සියවස හැඳින්විය හැකිය.
එකල ලන්ඩන් නුවර නගර පාලකයන්ට නගර අලංකරණයට සුවිශේෂී යමක් කිරීමට අවශ්‍ය විය. එම වගකීම බෙන්ජමින් හෝල් නමැති නිර්මාණ ශිල්පියාට පැවරිණි.
02)
ඔහු උසමහත ශක්තිමත් සිරුරක් හිමි සුහදශීලී පුද්ගලෙයෙකු බැවින් 'බිග් බෙන්' යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්විණි.
නගර අලංකරණය සමග නගරවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඔරලෝසු කුලුනක් සෑදීමට හෙතෙම යෝජනා කළේය. ඔහුට කරන ගෞරවයක් ලෙස එම ඔරලෝසු කණුවට 'බිග්බෙන්' ලෙස නම් තැබිණි.
03) 1859 මැයි මස 31 වැනිදා සිට වර්තමානය දක්වා ලන්ඩන් නුවරට වේලාව කියන මෙම ඔරලෝසු කුලුන අඩි 205ක උසකින් යුත්තය. ලංකාවේ ඔරලෝසු කණු මෙන් එය තුන් ගුණයක් පමණ විශාලය.
මෙහි මුදුනෙහි සතර දෙසට මුහුණලා අඩි 24ක් පළලින් යුතු රවුම් ඔරලෝසු මුහුණත් 04ක් සවිකර තිබේ. තරමක් ඝනකමින් යුත් විශාල වීදුරු කැබලි 312ක් එක් මුහුණතක් නිර්මාණය කිරීමට භාවිත කර තිබේ. එහි විනාඩි කටුව අඩි 14ක් හා පැය කටුව අඩි 09ක් විශාලය.
04) පියගැට 334කින් සමන්විත මෙම කුලුන බකින්හැමි මාළිගයට මුහුණලා ඉදිකර තිබේ. මෙහි පියගැට 144ක් තරණය කළ විට කුඩා සිර මැදිරියක් හමුවේ. එහි අවසන් සිරකරු ලෙස 'චාල්ස් බ්රැඩිලෝ' නම් පුද්ගලයා සිරගත කර තිබේ.
ඒ 1914 වර්ෂයේ බයිබලය අවිශ්වාස කිරීමේ වරදකට හසුවීමෙනි. ඉන් පසු එහි කිසිවෙකු සිරගත කර නොමැති අතර, වර්තමානයේ එය කුඩා කලාගාරයක් ලෙස පවත්වාගෙන යයි.
05) සෑම වසර පහකටම වරක් මැයි 31 වැනිදා දහවල් 12.00ට මෙම ඔරලෝසුවේ වේලාව නතර වන අතර, ඒ මෙහි අලුත්වැඩියා කිරීමේ කටයුතු හා පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙනි.
06)
කුලුනේ වැදගත්ම දෙය වන්නේ එහි මුදුණත සවිකර ඇති විශාල ඝංඨාරයක් වැනි සීනුවය. එය අඩි 07යි අඟල් 06ක උසකින් යුතු වන අතර, පළල අඩි 09කි.
අඟල් 08ක ඝනකමින් යුත් තඹ මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙහි බර ටොන් 13.5කි. මේ සමග තවත් කුඩා සීනු 03ක් සවිකර ඇති අතර, සෑම විනාඩි 15කට වරක් ඒවා නාද වේ. මෙහි විශාල සීනුව පැයකට වරක් නාදවන අතර, දිනකට 156 වාරයක් මෙම සීනු නාද වේ.
07) කුලුන අභ්‍යන්තරයට වන්නට ඉදිකර ඇති මෙහි හෝරා යන්ත්‍රය දුම්රිය එන්ජිමක් තරම් විශාල බව පැවසේ. එය ඉදිකිරීමේදී භාවිත කළ තාක්ෂණය අනුව එය වර්තමානයේද ක්‍රියාත්මක වේ.
සටහන- දිනිත් කණිෂ්ක