01) ඔබගේ කැමැත්ත නොමැතිව රාත්රී සේවයේ යෙදවිය නොහැක.
02) ඔබ රාත්රී සේවයේ යෙදෙන්නේ නම් සේවායෝජකයා විසින් කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගෙන තිබිය යුතු අතර, එය මාස 06කට වරක් අලුත් කර තිබිය යුතුය.
03) ඔබ දිවා කාලයේ (පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ) සේවයේ යෙදවූයේ නම් එදිනම පස්වරු 10.00 න් පසුව සේවයේ යෙදවිය නොහැක.
04) ඔබ රාත්රී කාලයේ සේවයේ යෙදේ නම් ඒ සඳහා දිවා කාලයේ වැටුප මෙන් 1 1/2කට නොඅඩු මුදලක් ඔබට ලැබිය යුතු වේ.
05) ඔබ සේවයේ යෙදවිය යුත්තේ කාන්තා පාලිකාවන් යටතේය.
06) ඔබට ව්වේක ගැනීමේ ස්ථානයක් හා රාත්රී ආහාරපාන පහසුකම් හිමිවිය යුතුය.
07) මසකට දින 10කට වඩා ඔබ රාත්රී සේවයේ යෙදවිය නොහැක.