01) ඔරායන් හෙවත් දඩයක්කාරයා
පෙබරවාරි, මාර්තු මාසවලදී රාත්‍රී 08ට පමණ මෙය දැකගත හැකි අතර, අහස මුදුනට වන්නට දක්නට ලැබේ. දීප්තිමත් තරු 07කින් හා දීප්තියෙන් අඩු තරු 06කින් සමන්විත මෙම තරු රටාවේ උරහිස් දෙක හා දණහිස් දෙක සලකුණු කරන තරු 04ද, බඳපටියෙහි ඇති තරු 03ද දීප්තිමත් තරු 07ට ඇතුළත්ව තිබේ.
හිස සලකුණු කරන තරු 03 හා බඳපටියෙන් එල්ලෙන කඩු කොපුව සලකුණු කරන තරු 03 දීප්තියෙන් අඩු තරු වේ. දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමුව පිහිටන නිසා දිශාව හඳුනා ගැනීමට මෙය උපකාර වේ.
ඇල්පා ඔරියෝනිස් නමි රතු පැහැති යෝධ තරුවකින් හා බීටා ඔරියෝනිස් නම් නිල්පැහැ යෝධ තරුවකින් මෙය සමන්විත වේ. මෙම තරු දෙක අහසෙහි ඇති යොධ තරු 20ට අයත් වේ.
02) මහ බල්ලා
පෙබරවාරි, මාර්තු මාසවලදී රාත්‍රි 08ට පමණ මෙය දැකගත හැකිය. ඔරායන් තරු රටාවේ බඳපටිය දක්වන තරු තුන සිතින් යා කර එම රේඛාව ඔස්සේ නැගෙනහිර දෙසට ඔබේ දෑස් ගෙනයන්න දැන් ඔබට රාත්‍රී අහසේ දැකිය හැකි දීප්තිමත්ම තරුව දැකගත හැකිවේ.
එය සීරියස් නම් වන අතර එය මෙම තරු රටාවට ඇතුළත් වේ. මෙම තරු රටාව දීප්තිමත් තරු 08කින් සමන්විත වේ.
03) වෘෂභ තරු රටාව
පෙබරවාරි මාර්තු මාසවලදී රාත්‍රී 08ට පමණ දැකගත හැකි ඔරායන් තරු රටාවට බටහිර දිශාවෙන් තරමක් උතුරු දිශාවට වන්නට V අකුරේ හැඩයගත් තරු පොකුරක් දක්නට ලැබෙනු ඇත.
එහි 'ඇල්ඩෙබරන්' නම් දීප්තිමක් රතු තරුවක් ඇතුළත් වේ. ඔරායන්ට පහරදීමට සැරසී සිටින ගවයෙකුගේ එක් ඇසක් මෙම තරුවෙන් නිරූපණය වේ. දීප්තිමත් තරු 05න් ගවයාගේ ශීර්ෂය V හැඩයට පිහිටා තිබේ.
V අකුරේ බාහුදෙකට තරමක් ඉහළට වන්නට ගවයාගේ අං දෙකෙහි කෙළවරයන්හි පිහිටි තරු ද්විත්වය දැකගත හැකිවේ.
04) මහ වලසා
පෙබරවාරි මාර්තු මාසවල මධ්‍යම රාත්‍රියේ අහසේ උතුරු දෙසට වන්නට මඳක් ඉහළින් මෙම තරු රටාව දැකගත හැකිය.
දීප්තිමත් තරු 07කින් සමන්විත මෙම තරු රටාව චතුරස්‍රයක හැඩැති තරු හතරකින් සමන්විත වන අතර, නැගෙනහිරට වන්නට වලසාගේ වලිගය නිරූපණය කෙරෙන තරු 03ක් දැකගත හැක.
මෙම තරු රටාවේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ පෝලාරිස් හෙවත් ධ්රැව තාරකාව මෙහි පිහිටා තිබීමයි. මෙම තරුවෙහි පිහිටීම වෙනස් නොවන අතර නාවිකයන්ට හා කාන්තාරයේ ගමන් ගන්නා පිරිසට උතුරු දිශාව මෙන්ම තමන් සිටින අක්ෂාංශයන් හඳුනා ගැනීමට උපකාර වේ.
05) මිථුන
පෙබරවාරි මාර්තු මාසවලදී රාත්‍රී 08ට පමණ මෙය දැකගත හැකි අතර, මිථූන රාශියෙහි නිවුන් සහෝදරයන් දෙදෙනාගේ ශිර්ෂ දෙක මඳක් නැගෙනහිරට වන්නට ඇති දීප්තිමත් එකළඟ පිහිටි තරු දෙකකින් නිරූපණය කෙරේ.
මෙම තරු දෙක කැස්ටරි හා පොලකස් නම් වේ.
මිථුන තරු රටාව තරු 13කින් සමන්විත වේ.
jjjjjjjjjjjjjjjjjjjj
06) සිංහ රාශිය
මහ වලසාගේ දර්ශක තරු දෙක ඔස්සේ අහසේ ඉහළට වන්නට දෑකැත්තක හැඩයගත් දීප්තිමත් තරු රටාවක් දැකගත හැක.
මෙම තරු රටාවට නැගෙනහිර දෙසින් ඝෘජුකෝණී ත්‍රිකෝණයක හැඩයගත් තරු 03ක්ද දැකගත හැක. දෑකැත්ත හා ත්‍රිකෝණය එක්ව ගත්කළ සිංහ රාශිය නිර්මාණය වේ.
07) දකුණු කුරුසය
සිංහ රාශියේ ඇති දීප්තිමත්ම තරුව රෙගියුලස් නම් වන අතර, එයට දකුණින් අහසෙහි පහළ කොටසේ ඇල වූ කුරුසයක් දක්නට ලැබේ. එය දකුණු කුරුසය නමින් හඳුන්වනු ලැබේ.
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
සටහන - චතුරංග ආරියසේන