පලතුරු අතර ඉතා රසවත් පලතුරක් වන මැංගුස් ආහාර රුචිය වඩවන පලතුරු වලින් ප්‍රධාන තැනක් ගනී. රසවත් බවින් එහා ගිය මෙම පලතුර ගුණදායි බවින් ඉතා ඉහළ බව බොහෝ දෙනා නොදන්නා රහසකි.
01. මැංගුස්වල මිනිස් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් වන කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් අඩංගු වේ.
02. බොහෝ දෙනා ඉක්මනින් වයසට යෑමට අකමැති අතර, මැංගුස් ආහාරයට ගැනීමෙන් වියපත් බව දුරු කරයි. මීට හේතුව වන්නේ මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණයයි. එමෙන්ම දිලීර නසනා ගුණයද මැංගුස් පලතුරෙහි අඩංගුය.
03. මැංගුස් පලතුරෙහි ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාර රෝගයට වඩා ගුණදායී බව දේශීය වෛද්‍ය විද්‍යාවේ පිළිගැනේ. එමෙන්ම අස්ථි ශක්තිමත් කිරීමටත්, දත් වැඩීමටත් එය උපකාරී වේ.
04. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට මැංගුස් පලතුර උපකාරී වන අතර, එමගින් රෝග වළක්වා ගැනීමටද හැකිවේ. මෙහි අඩංගු ඉහත කී පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් අධික රුධිර පීඩන තත්ත්ව, හෘද ස්පන්දනය මනාව පාලනය කරගත හැකිවේ.
05. මිනිස් සිරුරේ මේද පාලනයටද මෙය කදිම පලතුරකි. ස්ථුලතාෙවයෙන් පෙළෙන පුද්ගලයන්ට තම බර අඩු කර ගැනීමට මේවා ආහාරයට ගත හැකිය. තවද රතු රුධිර සෛල වර්ධනය කර ගැනීමට මෙන්ම රුධිර නාලවල ධමනි හීන වීමේ තත්ත්වය මග හරවා ගැනීමටද මැංගුස් වඩාත් ගුණදායී වේ.
06. ශරීරයේ ඇති විය හැකි අසාත්මිකතා නැති කර දැමීමට මෙම පලතුරට හැකියාව ඇත. පිළිකා නැති කිරීමටත්, ආතරයිටිස් රෝගීන්ටත්, මානසික ආතතිය නිසා පීඩා විඳින පුද්ගලයන්ටත් මැංගුස්වලින් ලැබෙන ප්‍රයෝජන අතිමහත්ය.
විජලනය ඇති වූ අවස්ථාවලදීද එම තත්ත්වය මග හරවා ගැනීමට මැංගුස් උපකාරී වන බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. එමෙන්ම ශරීරයේ ඇති වන වේදනාවන් මගහරවා ගැනීමටද, ශරරයේ ඇති වන දැවිල්ල වැනි තත්ත්වයන් නැසීමටද, මුහුණේ ඇති වන කුරුලෑ තත්ත්ව මගහැර සම පැහැපත් කර ගැනීමටද මැංගුස් උපකාරී වේ.
07. ඇසේ ඇති වන සුද තත්ත්වය වළක්වා ගැනීමට මැංගුස් පලතුරහි ඇති විටමින් සී ගුණය ඉවහල් වේ. මැංගුස් මොනතරම් ගුණදායී වුවද අගුණ වන අවස්ථාද සඳහන් කළ යුතුමය. ගර්භිණී මවුරුන්ට හා කිරිදෙන මවුවරුන්ට මැංගුස් ආහාරයට ගැනීම සුදුසු නොවේ. මෙය උෂ්ණාධික පලතුරක් වේ.
- සහන් රසාංග