01. ලෝකයේ පැතිරී ඇති තෙත්බිම් රැක ගැනීම සඳහා 1971 පෙබරවාරී මස 02 දින ලෝක නායකයන් එක්ව ඉරානයේ රම්සාර් නුවරදී සම්මුතියකට එළඹිණි. මේ සඳහා රටවල් 50ක් අත්සන් කරන ලදී. වර්ෂ 2017 වනවිට මේ සඳහා රටවල් 160ක් අත්සන් තබා ඇත. මේ සඳහා ශ්‍රී ලංකාව 1987 දී අත්සන් කරන ලදී.
02 රම්සාර් තෙත්බිම් නාමාවලියට ඇතුළත් කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක් සලකා බලයි.
දුර්ලභ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ත්ව සහ ශාක විශේෂ පැවතීම.
වසරේ සෑම කාලයකදීම ජලජ පක්ෂීන් 20,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාසය කිරීම.
රටට ආවේණික මත්ස්‍ය සහ වෙනත් ජීව විශේෂ ජීවත් විම
වඳවී යන සතුන්ගේ, පක්ෂීන්ගේ ජීවිත කාලයේ වැදගත් අවස්ථා එම තෙත්බිම් හා බද්ධව පැවතීම.
03. ශ්‍රි ලංකාවේ පළමු රම්සාර් තෙත්බිම වශයෙන් බූන්දල ජාතික වනෝද්‍යානය 1991 දී ප්‍රකාශයට පත්කොට ඇත. ඉතා අධික දිය කුකුළු ගහනයක් ඇති බව වාර්තාවෙයි. මෙය හෙක්ටයාර් 6210 භූමියක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
04. අවසාන වරට (2013දී) ලංකාවේ රම්සාර් තෙත්බිම වශයෙන් නම් කරන ලද්දේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි. මෙය පුත්තලම, අනුරාධපුර හා මන්නාරම යන දිස්ත්‍රික්ක 3ට අයත්වන පරිදි පිහිටා ඇත.
05. 1989දී ආසියානු තෙත්බිම් නාමාවලිය රම්සාර් සම්මුතියේ වගන්තීන්හි නිර්නායක සැලකිල්ලට ගෙන සකස් කල අතර ඉතා වේගයෙන් වැනසී යන ආසියානු රටවල පිහිටි තෙත්බිම් හඳුනාගෙන එවායේ වැදගත්කම අවධාරණය කෙරිණි.
06. ආසියානු තෙත්බිම් නාමාවලිය සඳහා තෙත්බිම් 947ක් ඇතුළත්වී ඇත. මේ අතුරින් 80%ක ප්‍රමාණයක් පැතිර පවතින්නේ ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව, පැපුවා නිවුගිනියාව, බංග්ලාදේශය හා වියට්නාමය යන රටවලය.
07. ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41ක් මෙම නාමාවලියට ඇතුළත්ව ඇති අතර එහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 274,000ක් වෙයි. මේ අතරින් විනාශවීමේ දැඩි අවදානමට ලක්වූ තෙත්බිම් වශයෙන් චුණඩිකුලම් කලපුව, චලෙයි කලපුව, මහවැලි පිටාර තැන්න, මහලේවාය සහ කරගන් ලේවාය, ලුනාව කලපුව හා කලමැටිය කලපුව, බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම, මුතුරාජවෙල ආදිය වෙයි.