අප වටා සිටින, තම ජීවිතය ජයගත් අය දෙස බලන විට බහු ජාතික සමාගම්වල ඇස්බැන්දුම්වලට මුලා නොවී සමාජයේ පිළිගැනීමක් ඇති බොහෝ දෙනා ආදරය කරන අය බවට පත් වීම එතරම් අපහසු කාර්යයක් නොවන බව පැහැදිලි වේ.
01) දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් අප ශරීරයට ඉතා නරක, නැවත නිවැරදි කළ නොහැකි තරමේ හානි ගෙනදෙන බව මතක තබා ගත යුතුය. උදා - පෙණහලු පිළිකා, මුඛ පිළිකා, හෘද රෝග
02)
ඔබගේ යහළුවන් දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වල වහලුන් බවට පත් වී සිටී නම්, අසරණ වී සිටින ඔවුන්ව ඉන් මුදවා ගැනීමට උත්සාහ කළ යුතුය.
ffffffffffffffffffffffffffffffffffffffffffff
03) කවුරුන් හෝ දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් අත්හදා බලන්නට අපට ආරාධනා කළ විට නිර්භයව එය ප්‍රතික්ෂේප කිරීමට ඔබට ධෛර්යයක්, පෞරුෂයක් තිබිය යුතුය.
04)
ටෙලිනාට්‍ය, චිත්‍රපට, පුවත්පත් වෙළෙඳ දැන්වීම් දෙස විමසුම් ඇසින් තර්කානුකූලව බැලීමට ඔබ පුරුදු විය යුතුය. බොහෝ දේ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමට පමණක් නිපදවා ඇති දෑ ලෙස හඳුනාගත යුතුය.
05) ඔබ නරඹන රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් විචාරාත්මකව විශ්ලේෂණය කළ යුතුය. ඒවා රසවින්දනයට මිස ජීවිතයට අනුගත කරගැනීම උචිත නොවන බව මතක තබා ගත යුතුය.
06) අන්තර්ජාලය මගින් ඔබට අයහපත් බලපෑම් ඇති විය හැකි බව මතක තබා ගන්න.
උදා. Facebook සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු (ගෙදර ලිපිනය, දුරකථන අංක) ඇතුළත් කිරීමෙන් වෙනත් පුද්ගලයන් හට ඔබගේ තොරතුරු අත්පත්වීම හේතුවෙන් පහසුවෙන්ම ඔවුනට ඔබ වෙත පැමිණ ඔබට අහිතකර දෙයක් සිදුකිරීමට ඉඩකඩ සැලසිය හැකිය.
07)
දුම්වැටි / මත්ද්‍රව්‍ය භාවිතයට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීමේදී මිතුරන් ඔබව 'ගැහැනුන්', 'කොන්ද පණ නැත්තවුන්' ලෙස හංවඩු ගසයි කියා සිතුෙණාත් අප උපක්රමශීලීව කුමක් හෝ නිදහසට කාරණාවක් කියා එවැනි අයහපත් දෙයින් ඈත් විය යුතුය.
තොරතුරු - පුවුල් සෞඛ්‍ය කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය