01) නෙල්ලි
විටමින් C ඉතා අධිකව ඇති පලතුරකි. පානයක් ලෙස පිළියෙල කරගැනීමේදී එහි ඇති තිත්ත රසය ඉවත් වන බැවින් ප්‍රියජනක හා පෝෂ්‍යජනක බීමකි. මෙය මළබද්ධය වැළැක්වීමටද උපකාරී වේ.
02) ලාවුළු
පෝෂ්‍යදායී පලතුරක් වුවත් ලංකාව තුළ ඌන භාවිත පලතුරක් ලෙස හැඳින්විය හැකිය. වැඩි ශක්ති ප්‍රමාණයක් අඩංගු වනවා මෙන්ම විටමින් Aවලින්ද පොහොසත්ය.
03) ගල් සියඹලා
විටමින් C වලින් පොහොසත් ප්‍රණීත ඇඹුල් රසයකින් යුත් පලතුරකි. රුධිර පීඩනය අඩු කිරීමට, රුධිර ගත සීනි පාලනයටත් සුදුසු පලතුරකි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තය.
04) මොර
රසවත් මෙන්ම දුර්ලභ ගණයේ පලතුරක් වන මොර පෝෂණ ගුණයෙන් ඉතා ඉහළය. විටමින් C වලින් පොහොසත්ය. රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
05) මසං
දේශීය පලතුරු අතර නිතැතින්ම මතකයට නැගෙන රසවත් පලතුරක් වන මෙය පෝෂණ ගුණයෙන් අනූනය. විටමින් A,B හා C වලින්ද පොහොසත්ය. ප්‍රතිඔක්සිකාරක ගුණයද පවතී.
06) දූරියන්
අධික පොස්පරස් ප්‍රමාණයක් අඩංගු මෙම පලතුරේ සුවඳට ඇතැමෙකු අකමැති විය හැකිය. පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරක් ලෙස හැඳින්විය හැකිය.
07) මැංගුස්
පෝෂ්‍යදායී පලතුරක් වන මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී. පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි.
ඉන්දික මධුසංක