01. අධ්‍යාපනික වීසා (Student Visa)
උපාධි පාඨමාලාවන්, ඩිප්ලෝමා වැනි විවිධ විෂයයන්ට අදාළව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදෙස්ගත වීමට නිකුත් කරනු ලබන වීසා %අධ්‍යාපනික වීසා^ වේ. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 18-35ත් අතර පිරිසයි.
02. සංචාරක වීසා (Visit Visa)
විවිධ රටවල සංචාරය කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන්නේ %සංචාරක වීසා^ය. මෙය ඉතා කෙටි කාලයක් සඳහා පමණක් නිකුත් වන වීසාපතකි. මාධ්‍යවේදීන් හා සංචාරකයන් මෙම වීසාපත හරහා විදෙස්ගත වේ.
03. සේවක වීසා (Worker Visa)
රැකියාවන් කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන වීසා පත %සේවක වීසා^ වේ. බොහෝ පිරිස් මෙම වීසා පත ලබා ගැනීමට උත්සාහ ගනු ලබන්නේ විදෙස්ගත වී රැකියාවක නියැළීමේ බලාපොරොත්තුවෙනි. මෙම වීසාපත වයස අවුරුදු 18 සිට 40 දක්වා වැනි වයස් සීමාවේ පිරිස් සඳහා නිකුත් කෙරේ.
04. සරණාගත වීසා (Refugee Visa)
යුදබිය, රට තුළ මරණ තර්ජන වැනි ජීවත් වීමට අපහසු වාතාවරණයක් තුළ මෙම 'සරණාගත වීසා' මගින් විදෙස්ගත වීමේ හැකියාවක් පවතී. තමන් දැනට ජීවත් වීමට නොහැකි හේතුව සඳහන් ලිපියක් අතැතිව, විදෙස් රටක ජීවත් වීමේ හැකියාවක් මෙම වීසාහි පවතී.
05. යැපුම් වීසා (Dependent Visa)
විදේශයක ජීවත් වන පුද්ගලයෙකු හරහා, තවත් අයෙකු එම රටට ගෙන්වා ගැනීමේදී නිකුත් කරන වීසා %යැපුම් වීසා^ නමින් හැඳින්වේ. මෙහිදී බොහෝවිට සැමියාට බිරිඳ, බිරිඳට සැමියා මෙම වීසා හරහා ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතී.
06. පවුල් වීසා (Family Visa)
'පවුල් වීසා' නිකුත් කරනු ලබන්නේ දෙමව්පියන් තම දරුවන් සමග විදෙස්ගත වීමකදීය. මෙම වීසා ලබාගැනීම සඳහා බොහෝ අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම, විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මෙය පහසුවෙන් ලබාගත හැකි වීසාපතක් නොවේ.
07. ව්‍යාපාරික වීසා (Business Visa)
විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරනු ලබන වීසා %ව්‍යාපාරික වීසා^ නම් වේ. මෙය තම ව්‍යාපාර කටයුතු සඳහා විදෙස්ගත වීමටත්, නැවත පැමිණීමටත් හැකිවන පරිදි වසර කිහිපයකට නිකුත් කරනු ලබන වීසාපතකි.