01) බලය පිළිබඳ සැලකිලිමත්වන්න
පවර්බෑන්ක් උපාංගයන් විවිධ වූ ජව ධාරිතාවන්ගෙන් යුක්තය. mAh හෙවත් පැයට මිලි ඇම්පියර් ලෙසින් එහි විද්‍යුත් බලය ගණනය කරයි. එනිසා ඔබේ ස්මාට්ෆෝනයේ බැටරි ජවය පිළිබඳ නිසි දැණුමක් ඔබට තිබිය යුතුය.
උදාහරණයක් ලෙස ඔබේ ස්මාට්ෆෝනයේ බැටරිය 4000mAh නම් ඔබ 10,000mAh පවර් බෑන්ක් එකක් තෝරාගතහොත් ඔබට එය ජවගැන්වීමට හැක්කේ පූර්ණ දෙවරක් සහ අසම්පූර්ණ එක්වරක් පමණි. එනිසා ඔබේ අවශ්‍යතාවය පිළිබඳ සැලකිලිමත්වන්න.
02) ලැප්ටොප් එකක් බලගැන්විය හැකි පවර්බෑන්ක්
වෙළෙඳ පොළේ ඇති සෑම පවර් බෑන්ක් උපාංගයක්ම ඔබේ ලැප්ටොප් උපාංගය බලගැන්වීමට සමත් නොවේ. ඒ ඒවා බොහෝමයකට ඇත්තේ වෝල්ට් පහේ යූ එස් බී නිපැයුමක් පමණක් වීම හේතුවෙනි.
ලැප්ටොප් එකක් චාජ් කිරීමට අවමව වෝල්ට් 16-20ත් අතර නිපැයුමක් තිබිය යුතුය. නමුත් එම හැකියාව ඇති පවර්බෑන්ක්ද වෙළෙඳ පොළේ ඇත.
03) ආයු කාලය
සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන්වල මෙන්ම පවර්බෑන්ක්වලත් භාවිත කරන වාර ගණන මත ආයු කාලය තීරණය වේ. භාවිත නොකර තැබීමෙන්ද යම් ක්ෂය වීමක් සිදුවිය හැක.
බැටරිය විශාල වන්නට ඔබට බැටරියේ අඩංගු චක්රයන් භාවිත කරන්නට සිදුවන ප්‍රමාණය අවම වන අතර, එය බැටරිය වැඩිකල් පැවැත්මට හේතුවේ.
04) පවර්බෑන්ක් චාජ් වීමට දිගු වේලාවක් ගන්නේ ඇයි?
සාමාන්‍යයෙන් ඒ ඒ පවර්බෑන්ක් විශේෂ සම්පූර්ණයෙන් චාජ් වීමට ඒවාට ආවේණික කාලයක් වැය වේ. එය ඔබ චාජ් කරනා ආකාරය(පරිගණකය හරහා හෝ ඍජුව විදුලිය හරහා) මත මෙන්ම, යූ එස් බී කේබලයේ ගුණාත්මකභාවය මතද තීරණය වීමට ඉඩ ඇත.
එසේම ඔබේ පවර්බෑන්ක් එක ගුණාත්මක නොවන නිෂ්පාදනයක් නම් එය ඔබේ පවර්බෑන්ක් එක මත පැටවෙන වරදකි. වෝල්ට් 5ට වැඩි විද්‍යුත් සැපයුමක් නම් තත්ත්වය එසේ නොවීමට බොහෝදුරට ඉඩ තිබේ.
05) පවර්බෑන්ක් එකේ ජවය ඉතිරි කරගනිමින් වේගයෙන්ම ස්මාට්ෆෝනය චාජ් කිරීමට
ඒ වෙනුවෙන් ඔබේ ස්මාට්ෆෝනය ෆ්ලයිට් මෝඩ් හි යොදා භාවිත කිරීම යෝග්‍යය. ඒ චාජ් වීම ඇරඹූ විගසම නොයෙක් ස්මාට්ෆෝන රිසිසේ ස්වයං බාගත කිරීම් සිදුකරගැනීමට එම කාලය වෙන්කරගන්නා නිසාවෙනි.
06) ස්මාට්ෆෝනය සම්පූර්ණයෙන් චාජ් කිරීමට පවර්බෑන්ක් භාවිතා කිරීම යෝග්‍යද?
ඔබේ ස්මාට්ෆෝනය සාමාන්‍ය තත්ත්වයේ පවතිනවාට වඩා චාජ් කරන විට එයින් උරාගන්නා බලය විශාලය.
එනිසා ඔබේ ස්මාට්ෆෝනය 100%, 90% හෝ 80% ප්‍රමාණයේදී එතැන්පටන් ස්මාට්ෆෝනයට එක්වන ජවයෙන් වැඩි කොටසක් නොයෙක් ඇප්ස්වල බාගත කිරීම් සහ උඩුගත කිරීම් වෙනුවෙන් මෙන්ම යාවත්කාලීන වීම් වෙනුවෙන්ද වැයවේ.
07) පවර්බෑන්ක්වලින් ටීවී බලන්න
ඔබේ පවර්බෑන්ක් එකේ නිපැයුම් ප්‍රමාණය වෝල්ට් පහට වඩා වැඩි නම් හෝ ඔබේ පවර්බෑන්ක් එක හරහා ඔබට එයින් විද්‍යුතය නිකුත් කළ යුතු වෝල්ටීයතාවය තීරණය කිරීමේ හැකියාව ලබාදෙනවා නම් ඒ හරහා ඉලෙක්ට්‍රික් ස්කේට්බෝඩ්, ටෙලිවිෂන්, විනෝදගමන් ගෙනයන කුඩා ශීතකරණ, කුඩා විදුලි පංකා වැනි දේත් බලගැන්විය හැක.