01) මානසික සැහැල්ලු බව පවත්වා ගැනීමට නම් ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් වර්ධනය වන හා අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට ගුණාත්මක නින්දක් දිනපතා ලබාගැනීම ඉතා අවශ්‍යය.
02) වැය වුණු ශක්තිය ඇති කරගෙන, ආපදාවලින් ශරීරය සුවපත් කරගැනීමට අවස්ථාව ඇතිවන්නේද නින්දේදීය.
මාර්ගෝපදේශනයන්ට අනුව අවම වශයෙන් දරුවෙකු හෝ නව යෞවනයෙකු පැය 07කද වැඩිහිටියෙකු පැය 6කද නින්දක් දිනකට ලබාගත යුතුය.
03) නින්ද සඳහා දිනපතා වෙන් කළ යුතු නිර්දේශ කාලයන්
වයස් සීමාව
|
නිර්දේශිත
පැය ගණන
|
සුදුසු
පැය ගණන
|
අවම
පැය ගණන
|
පෙර පාසල් දරුවන් (අවු. 3-5)
|
10-13
|
8-9
|
8
|
දරුවන් (අවු. 6-13)
|
9-11
|
7-8
|
7
|
යෞවනයන් (14-19)
|
8-10
|
7
|
7
|
වැඩිහිටියන්
|
7-9
|
6
|
6
|
04) නිසි නින්දක් නොලැබීම හේතුවෙන් හිසරදය, ශරීරයේ දුබල බව වැනි කෙටි කාලීන අපහසුතා ඇති වන අතර, හෘද රෝග, දියවැඩියාව, ස්ථූලතාවය හා මානසික රෝග ආදී දිගු කාලීන රෝග ඇති වීමටද හේතු වේ.
05) නින්ද අඩු වූ විට මතකය අඩු වන අතර, විෂයය කරුණු යොදා ගනිමින් ගැටලු විසඳීමේ හැකියාව අඩුවේ.
එහෙයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිගින් දිගටම නිදි වැරීම සාර්ථක ක්‍රමයක් නොවේ.
06) එලෙස නිදි වැරීමට සිදු වුවහොත් දහවල් ආහාරයෙන් පසු විනාඩි 10-15 පමණ මේසය මත හිස තබාගෙන හෝ පුටුවකට හේත්තු වී පහසු ඉරියව්වකින් කෙටි නින්දක් ලබා ගැනීමෙන් නැවත ප්‍රබෝදමත්ව කටයුතු කළ හැකි වනු ඇත.
07) නින්ද ලබාගැනීම සඳහා ඖෂධ භාවිත නොකරන්න. එමගින් ඔබට හොඳ නින්දක් ලබාගැනීමට ඇති හැකියාව තවතවත් අඩුවේ.
තොරතුරු :- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය