දියවැඩියාව රෝගය සඳහා ඔබ ආහාර පාලනය කිරීමේදී දැන ගත යුතු කරුණු රැසක් තිබේ. නිවසක ගෘහ මූලිකයා, ගෘහණිය සහ දරුවන්ගේ ආහාර රුචිකත්වය අනුව කෑම පිසීම කළයුතු අතර ඒ සඳහා ඔබ අනුගමනය කළයුතු පිළිවෙළ මෙසේය.
01) සියලුදෙනාට ගැළපෙන සමබල ආහාර වේලක් සැකසිය යුතුය. (සමබල ආහාර වේලක පිෂ්ටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය)
02)
මෙහි සමබල ආහාර වේලක ප්‍රධාන අංගය වන්නේ පිෂ්ටයයි. එය ලබාගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාරවලිනි.
(නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුං ඇට, කඩලය) එහිදී පිෂ්ට ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර, සෑම දිනකම එය එකම ප්‍රමාණයක් විය යුතුය.
03) මේදය ලබාගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් භාවිත නොකිරීම ගුණදායකය.
පොල්තෙල් සුදුසු අතර ඒවා භාවිත කළ යුත්තේ අඩුවෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස්, යොදය සහිත කිරි, බටර්වල ඇති තෙල් සුදුසු නැත.
04) ප්‍රෝටීන ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල, කව්පි පරිප්පු මාළු සම ඉවත් කළ කුකුල් මස්වලින් ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගත හැක. කුඩා මාළු ඉතාමත් ගුණදායකය.
05)
අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, සීනී හෝ පැණි රහිත මුදවන ලද කිරි ගත හැකිය. මෙහිදී ඉතාමත් අඩුවෙන් ගතයුතු ආහාර වන්නේ පුඩිං වර්ග, වටලප්පන්, ටොෆි, චොකලට්, අයිස් ක්‍රීම් වැනි දෑය.
06) ඔබ තරබාරු නම්, බර අඩු කරගැනීමට උනන්දු වන්න. අධික කැලරි සහිත ආහාර අඩු කරන්න. එමගින් තරබාරු බව අඩු කරගත හැකිය.
07) ලුණු භාවිතය අඩු කරන්න.
සටහන - පියුමි කරුණාතික