1) ආහාර ගත් විගස නැවත කුසගිනි දැනීම මෙන්ම අධික පිපාසය ඇත්නම් වහාම රුධිරයේ සීනි ප්‍රමාණය අධිකව ඇත්දැයි පරීක්ෂාකර බලන්න.
2) එක්වරම සිරුරේ බර ශීඝ්‍රයෙන් අඩුවූ බවක් දැනෙන්නේ නම් ඒ ලකෂණය සම්බන්ධයෙන්ද පළමුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර බලන්න.
3) රුධිරයේ සීනි පරීක්ෂාවට පෙර දින රුධිර සීනි මට්ටම අඩු කිරීමට ඉවහල් වේ යැයි සමහරු පවසන කරවිල, තෙබු, කෝවක්කා, කාබරකො, කොතල හිඹුටු ආදිය භාවිතයෙන් වළකින්න.
4) රාත්‍රි ආහාර වේල ලබාගෙන පැය 10ක් ගතවන තුරු වෙනත් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගෙන රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරවා ගන්න. එම පරීක්ෂණය ෆාස්ටින් බලය ෂුගර් ලෙස හැඳින්වේ.
5) රාත්‍රියේ කිහිපවිටක් මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වන්නේ නම් තම ලිංගික ප්‍රදේශවල කැසීමක් ඇත්වන්නේ නම් එයද රුධිරයේ සීනි ප්‍රමාණය අධික බව පෙන්වන සලකුණක් වීමට ඉඩ තිබේ.
6) අලසකම, අධික මහන්සිය, විසප්පු බිබිළි, සැරව ගෙඩි වැනි චර්ම ආසාදන මෙන්ම, දිවේ සුදු පැහැති දිලීර අසාදන, සුව නොවන තුවාල, අත්පා හිරිවැටීම, පෙනීම දුර්වලවීම, රුධිර සීනි ප්‍රමාණය අධිකවීම තවත් ලක්ෂණයක් විය හැකිය.
7) සීනි සහිත ආහාරපානවලින් වළකින්න. මත්පැන් සහ දුම්වැටිවලින් ඈත්වෙන්න. එළවළු පලතුරු ආහාරයට එක්කර ගන්න. දිනකට පැය 02ක් වත් ව්‍යායාමයක නිරත වන්න.