01)
නිවසට ආලෝකය හා වාතාක්ෂය ලැබෙන ආකාරය පිළිබඳව පළමුව අවධානය යොමුකළ යුතුය.
නැගෙනහිර හා බටහිර දිශාවලින් නිවසට හිරු එළිය පතිත වන බැවින් එම දෙදිසාවේ ජනෙල් සහ දොරටු තැබීම යෝග්‍ය වේ.
02)
නිවසට ළංව මාර්ගයක් වැටී ඇත්නම් එය ආසන්නයේ ජනෙල් සහ දොරටු තැබීම පිළිබඳව අවධානය යොමුවිය යුතුය.
විශාල ජනෙල් සහිත නිදන කාමර මාර්ගයකට ආසන්නව තැබීමෙන් නිවසේ වෙසෙන්නන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවෙයි.
03)
නිවසට ඇතුළු වන ආගන්තුකයෙකුට එක්වරම නිවසේ සැලසුම අවබෝධ නොවන අයුරින් සැලසුම් කළ යුතුය.
එමෙන්ම පිටත සිට ජනේලයකින් හෝ දොරටුවකින් ඇතුළත නිරීක්ෂණයට කරන්නෙකුට බොහෝ ස්ථාන දැකගත නොහැකි විය යුතුය.
04)
ආගන්තුකයෙකුට පරිහරණය කළ හැකි පිටත කාමරයක් ඔබේ ගෘහ සැලසුමට එක්කළ යුතු අතර, එයින් ඔබගේ පෞද්ගලිකත්වය හා නිවසෙහි ආරක්ෂාව තහවුරු වනු ඇත.
05)
වෙනත් ප්‍රදේශයකින් ලබාගත් ගෘහ සැලසුමක් ඔබට අභිමත පරිදි ඉදිකිරීම නොකළ යුත්තකි. ගෘහ සැලසුම්කරණයේදී පරිසර තත්ත්වයන් පිළිබඳව මනාව අවධානය යොමුකළ යුතුය.
06)
සාදන ලද නිවසකට අලුතින් කොටස් එක්කිරීමේදී මුල් සැලසුමෙහි වාස්තු සිද්ධාන්තවලට හානි නොවන පරිදි සිදුකළ යුතුය.
07)
කුමන ආකාරයේ සැලසුමක් වුවද එය භූමිගත කිරීමේදී පිළිගත් හා මනා දැනුමක් ඇති වාස්තු විද්යාවේදියෙකුගේ දායකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
ඉන්දික මදුසංක