01) Trust Wireless Presenter
ඉස්සර ගුරුවරු කළු ලෑල්ලට හෝ වයිට් බෝඩ් එකකට කොටු වෙලා හිටියට වර්තමාන ගුරුවරුන්ට මුලින් සැකසුම් කරපු පරිගණක පාඩමක් සිසුන්ට සරලවම ඉගැන්වීමේ හැකියාව තිබෙනවා.
ඒ නිසා උගන්වන අතරේ පන්තිය පුරා ඇවිද යන්නටත් ඔවුන්ට හැකියි. මෙහි මීටර් 10ක් දක්වා පරාසයක ක්‍රියාකරන ලේසර් පොයින්ටරය නිසා ඒ කටයුතු වඩාත් පහසු වේ.
02) Wacom Inkling
පෑනකින් දෙයක් ලියාගන්න යන යන තැන කොළයක් රැගෙන යෑම මේ තාක්ෂණික උපාංගය නිසාවෙන් තවදුරටත් අවශ්‍ය නොවේ.
මෙමගින් ඔබ කොතැනක හෝ ලියාතබන දෙයක් එලෙසින්ම ඩිජිටල් චිත්‍රයක් ලෙස ඔබේ පරිගණකයට ගබඩා කරගත හැක.
03) Numonics Intelliboard Interactive Whiteboard
මෙය වර්තමාන තාක්ෂණයන්ට ඉතාමත් ගැළපෙන ප්රොජෙක්ටරයකි.
මෙම ප්‍රොජෙක්ටරයෙන් ලැබෙන රූප වයිට් බෝඩයට ගැනීමෙන් පසු ඒ මත ගුරුවරයාට ස්ටයිලස් පෙන් උපාංගයකින් නැවත ඇඳීමේ හැකියාව පවා ලබාදී තිබෙනවා. මෙහි මිල ගණන අධික වුවද වෘත්තීය ගුරුවරයෙකුට මෙය වැදගත් උපාංගයකි.
04) Acer Pico C120
මේ උපාංගය සාක්කුවේ දමාගෙන යාහැකි ප්රොජෙක්ටරයකි.
විශාල ප්‍රමාණයේ හයි ඩෙෆිනිෂන් වීඩියෝ මේ හරහා පැහැදිලිව දැකිය නොහැකි වුවද මෙයින් ඔබට සාමාන්‍ය පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
05) My Charge Adventure Ultra
අප ඔබ සැම සතුව පවර් බෑන්ක් තිබුනද එහි ප්‍රමාණයේ විශාලත්වයත්, ධාරිතාවයේ මඳ බවත් නිසා ගුරුවරයෙකුට එයින් එතරම් සහනයක් නොදැනේ.
සාක්කුවේ දමාගෙන යා හැකි, වොට් 45ක Output එකක් ඇති, ලැප්ටොප් එකක් වුවද චාජ් කිරීමට මෙමගින් හැක, මේ උපාංගය ගුරුවරයෙකුට කදිම තාක්ෂණික උපාංගයකි.
06) Brother High-Speed Label Printer QL-710
සිසුන්ගේ ලිපි ගොනු වගේම ලේබලයන් ඇලවීමට ඇති දත්ත ගොනු ප්‍රමාණයත්, නිදර්ෂක(ඒ ඒ විෂයයට අනුව) සහ පරීක්ෂණ ප්‍රමාණයත් ගුරුවරුන්ට ඉහළය.
එවන් මොහොතක මෙම ලේබල් ක්ෂණිකව නිපදවීමේ උපාංගය ප්‍රයෝජනවත් විය හැක.
07) Cambridge Audio G2
ඔබ උගන්වන දෑ මෙන්ම ඔබ නිදර්ෂණ ලෙස ඉදිරිපත් කරන්නට ගෙන ආ විශේෂ හඬපට සිසුන් වෙත ඉදිරිපත් කරන්නට යොදාගන්නා උපකරණ අතරේ ස්පීකරයක් තිබීම ඉතා වැදගත්ය. මෙම බ්ලූටූත් ස්පීකරය එයට කදිම ආදේශකයකි.