01. අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර සුදුසු නොවෙයි.
අක්මාවේ ඇති පිත්යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට තෛලෝදකරණය නිසි ලෙස සිදුනොවෙයි. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් අක්මාවෙන් පිත් යුෂ ශ්රාවයට උත්සාහ කරයි. ඒ හේතුවෙන් අක්මාවෙන් සිදුවන කාර්යයන් තව තවත් වැඩි වීමෙන් ආබාධය උත්සන්න වේ.
02. ඇතැම් ශාකවල අත්තක පොතු වළලු ආකාරයට ගැසු විට එහි ඵලදාව වැඩිවේ.
ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් පත්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහනය නොවී එහි රුස්වේ. වැඩි ආහාර ප්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප්‍රමාණයද වැඩිවේ.
03. අහසින් මාළු වැටීම
ඇතැම් අවස්ථාවල යම්යම් ප්‍රදේශවලට වර්ෂාවත් සමග හෝ වර්ෂා නොමැතිව සුළඟ සමග අහසින් කුඩා මසුන් වැටීමක් සිදුවෙයි. එහෙත් අහසෙහි මාළුන් නොමැත. මෙය සිදුවන්නේ ජලාශ ආශ්රිත හෝ මුහුද ආශ්රිත ප්‍රදේශයකට ටොෙන්ඩෝ තත්වයක් ඇතිවී එහි සිටින කුඩා මසුන් ඇතුළු ජීවීන් අධික වේගයෙන් අහස දෙසට ඇදී යයි. එසේ ඇදීගිය මසුන් ටොෙන්ඩෝවෙහි ශක්තිය අඩුවී ගොස් අහසෙහි සිට එම ප්‍රදේශයටම හෝ ඉන් බැහැර ස්ථානයකට නැවත වැටෙයි.
04. එළවළු වෙෙළඳ පොළවල ඇතැම්විට අෙලවිකරන එළවළුවල පැහැයට සමාන පැහැයක් ඇති පොලිතින් ආවරණයකින් තාවකාලික වහලයක් සකසයි.
එළවළුවල පැහැයට සමාන පැහැයක් ඇති පොලිතින් ආවරණයක් ඇතිවිට සුර්යාලෝකය එ් හරහා ගමන් කිරීමෙන් එහි වර්ණය තව තවත් වැඩිවෙයි. එහි එළවළුවල පැහැය වැඩිවීමක් සිදුවෙයි.
05. හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප්‍රමාණය වැඩිය.
හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.
06. සෑම විටම අහසේ දේදුන්නක් දැකිය හැක්කේ වරෂාවක් ඇතිවීමෙන් පසුව හෝ සිහින් වරෂාවක් ඇතිවිටකය
සූර්යාලෝකය කුඩා ජල බිඳු හරහා ගමන් කිරීමෙන් එය වර්ථනය ලක්වී වර්ණාවලියක් ඇතිවීමේ සංසධ්දියි. මෙම ක්‍රියාවලිය සුර්යයා හොඳින් ඇතිවිට හා වර්ශා සහිත අවස්ථාවක දේදුන්නක් ඇතිවෙයි.
07. ඉඳිකටු පාවිච්චියට නොගන්නාවිට ඇළුමිනියම් පත්රව ඔතා තබයි.
ඉඳිකටු තනා ඇත්තේ වානේවලිනි. වානේ සාමාන්‍ය පරිසරයේදී ජලවාශ්ප සමග එක්වීමෙන් මළ බැඳිමක් සිදුවෙයි. එහෙත් ඇළුමැනියම් සාමාන්‍ය පරිසරයේ ජලවාෂ්ප සමට එක්වීමෙන් මළ බැඳී විඛාදනයක් සිදුනොවෙයි. එම නිසා ඉඳිකටු පාවිච්චියට නොගන්නාවිට ඇළුමිනියම් පත්‍රයක ඔතා තබයි.