දෙවැනි ලෝක යුද්ධ පැවැති වකවානුව තුළ ලෝක සාමය ඇති කිරීම සඳහා වර්ෂ 1945 ඔක්තෝබර් මස 24 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වී ඇත. එහි මූලස්ථානය ඇමරිකාවේ නිවුයෝක් නුවර පිහිටා ඇත. එහි නායකත්වය මහලේකම්වරයාට හිමිවෙයි. 1945 සිට මේ දක්වා මහලේකම්වරු 9 දෙනෙක් පත්වී ඇත. අවසන් වරට ධුරය දැරූ මහලේකම් බෑන් කී මූන් වන අතර (2007-2016) වර්තමානයේ ඇන්තෝනියෝ ගුටෙරෙස එම ධුරය හොබවයි. එහි මුල් මහලේකම් වරුන් 7 දෙනා පිළිවෙළින් මෙසේය.
01. ට්රිගියෙව් ලී (1946-1952)
නෝර්විජියානු ජාතිකයෙකුවූ මොහු ඇමෙරිකා එක්සත් ජනපදයත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුවත් අතර පැවැති සීතල යුද්ධය නිසා සාමාජිකයන් සමථයකට පත්ව පත් කෙරුණු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව පළමු මහලේකම්වරයා බවට තේරි පත් විය.
02. ඩැග් හමර්ස්ක්ජොල්ඩ් (1953 - 1961)
ස්වීඩන් ජාතිකයෙකුවූ මොහු ආර්ථික විද්‍යාඥයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, ගත්කතුවරයෙකු වූ මොහු මෙතෙක් මහලේකම් ධුරයට පත් වූ ලාබාලතමයාද වෙයි.
03. යූ තාන්ට් (1961-1971)
බුරුමය ජාතිකයෙකුවූ මොහු ඩැග් ගේ අභාවයෙන් පසුව හිස්වුණු මහලේකම් ධුරයට පත් විය. එහෙත් 1962දී වසර 5 ක් සහා තේරි පත් විය. 1966දී තවත් වසර පහක කාලයක් සඳහා ධුරයට පත්විය.
04. කර්ට් ජොසෙෆ් වාල්ඩ්හෙයිම් (1972-1981)
ඔස්ට්‍රියානු ජාතිකයෙකුවූ මොහු දේශපාලඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ මොහු, ධුරයට විවෘතව තරග කළ ප්‍රථම අපේක්ෂකයාද විය. චීනයේ සහ බ්‍රිතාන්‍ය‘යේ නිශේධ බල පරාජය කරමින් 1972 ධුරයට පත්විය.
05. ෂාවියර් පෙරෙස් ඩි කෙයුලර් (1982-1991)
පේරු රටෙහි වැසියකු වන මොහු වාල්ඩ්හෙයිම් වෙත තෙවැනි ධූර කාලයක් ලබාදීම චීනය ප්‍රතික්ෂේප කිරීමත්, ටැන්සානියානු අපේක්ෂකයා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමත් නිසා සමථයකට පත් වූ අපේක්ෂකයෙකු ලෙස ධූරයට පත් විය.
06. භූෙත්රා්රොස් භූෙත්රා්රොස් ඝාලි (1992-1996)
ඊජිප්තු ජාතිකයෙකුවූ මොහු දේශපාලඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ මොහු ප්‍රංශයේ ඉහළ සහයෝගය මත ධුරයට පත් විය. දෙවැනි වරට පත්වීම එක්සත් ජනපදය අවුරා දැමීය.
07. කොෆී අන්නන් (1997-2006)
ඝානා රටෙහි පුරවැසියෙකු වූ මෙහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ අන්නන් ධුරයට පත්වීමට පෙරාතුව සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව කටයුතු කර ඇත.