01. විෂයයට දක්වන කැමැත්ත සහ උනන්දුව
සෑම සිසුවෙකුම කිසියම් පාඨමාලාවක් හැදෑරීමේදී තමන් තෝරාගනු ලබන විෂය ක්ෂේත්රයට කැමැත්තක් දැක්වීම අනිවාර්යය වේ. සිසුවාගේ අකමැත්තෙන්, වැඩිහිටියන්ගේ බල කිරීම මත පාඨමාලාවක් තෝරාගැනීමෙන් සිදුවන්නේ සිසුන් පාඨමාලාව අතරමගදී අත්හැර දැමීමක් පමණි.
02. තමන් හදාරන පාඨමාලාවට අදාළව ඇති රැකියා වෙළෙඳ පොළ පිළිබඳ දැනුවත් වීම
පාඨමාලාවක් හැදෑරීමට ප්‍රථම, එම තමන් හදාරනු ලබන පාඨමාලාවට අදාළව අනාගතයේදී නියැළීමට හැකි රැකියා පිළිබඳ දැනුවත් වීම අනිවාර්යය වේ. සෑම අයෙකුම මුදලක් වියදම් කර පාඨමාලාවක් හදාරන්නේ කිසියම් රැකියාවක් කිරීම සඳහා වූ සුදුසුකමක් සපුරාගැනීමට මිස, පාඨමාලාව අවසන් කර නිවසෙහි රැඳීමට නොවේ. එම නිසා රැකියාවන්ට ඉල්ලුමක් ඇති පාඨමාලා තෝරා ගැනීම සුදුසු වේ.
03. පිළිගත් ආයතනයක් යටතේ පාඨමාලා හැදෑරීම
වර්තමානයේදී බොහෝ පිරිස් මුදල් ගසාකෑමේ ව්‍යාපාර වශයෙන් විවිධ උසස් අධ්‍යාපනික ආයතන පවත්වාගෙන යයි. එම නිසා පිළිගැනීමක් ඇති ආයතනයක් යටතේ ලියාපදිංචි වී මුදල් ගෙවා පාඨමාලා හැදෑරීමට සිසුන් බුද්ධිමත් විය යුතුය.
04. වැය කළ හැකි මුදලට ගැළපෙන පාඨමාලාවක් තෝරාගැනීම
බෝහෝ අවස්ථාවලදී සිසුන් තමන් හදාරන පාඨමාලා ගාස්තුවේ මූලික ගෙවීම කර පාඨමාලාව හදාරන නමුත්, පාඨමාලාව හදාරන අතරතුරදී පාඨමාලාවේ ඉතිරි ගාස්තුව ගෙවාගැනීමට නොහැකිව පාඨමාලාව අතරමග නතර කර දමන අවස්ථා බොහෝ ය. එවැනි තත්ත්වයන් නිසා තමන් හදාරන පාඨමාලා ගාස්තුව පිළිබඳ දැනුවත් වී තමන්ට වැය කළ හැකි මුදලට සරිලන පාඨමාලාවක් තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතු ය.
05. අධ්‍යාපනික සුදුසුකම්වලට ගැළපෙන පාඨමාලාවක් තෝරා ගැනීම
විශේෂයෙන් අ.පො.ස (සා.පෙළ)/ උ.පෙළ සාමාර්ථයන්ට ගැළපෙන පාඨමලාවක් තෝරාගැනීම අනිවාර්යය වේ. තෝරාගනු ලබන පාඨමාලාවට තමන්ගේ කැමැත්ත කොතෙක් තිබුණද, විදෙස්ගත වීමකදී වැනි අවස්ථාවකදී තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම් අනුව පාඨමාලාවක් සඳහා යොමු වීම අනිවාර්යය වේ. එසේ නොවුවහොත් සිදුවන්නේ තමන් අයදුම් කරනු ලබන අධ්‍යාපනික ආයතනයෙන් ඔබ ප්‍රතික්ෂේප වීමක් පමණි.
06. රැල්ලට නොයෑම
මේ වනවිට බොහෝ තරුණ පිරිස් කිසිදු අරමුණකින් තොරව තවෙකෙකු කළ පමණින් හිතුමතේ විවිධ පාඨමාලා හදාරනු ඇත. මෙසේ වීම තුළින් සිදුවන්නේ මුදල් සහ තමන්ගේ වටිනා කාලය අපතේ යාමක් පමණි. එම නිසා සෑම තරුණ ශිෂ්‍යයෙකුම ජීවිතේ අරමුණක් ඇතිව උසස් අධ්‍යාපනික පාඨමාලාවක් සඳහා යොමු වීම අනිවාර්යය වේ.
07. පාඨමාලා සඳහා අයදුම් කිරීමේදී වයස් මට්ටම පිළිබඳ අවධානය යොමු කිරීම
පාසල් අධ්‍යාපනයෙන් පසු වෙනත් උසස් අධ්‍යාපනික පාඨමාලාවක් සඳහා යොමුවීමට ඉතාමත් සුදුසු කාලය වන්නේ අ.පො.ස (සා.පෙළ) හෝ උ.පෙළ විභාගය අවසන් වීමත් සමගය. එනම් පාසල් අධ්‍යාපනයෙන් පසු වසර ගණනක් කිසිදු රැකියාවක හෝ අධ්‍යයන කටයුත්තක නියැළෙන සිසුවෙකු පාඨමාලාවක් සඳහා අයදුම් කිරීමේදී එම පාඨමාලාව සඳහා සුදුසු වයස් සීමාව ඉක්මවා ගොස් තිබිය හැකිය. එම නිසා කාලය අපතේ නොයවා සුදුසු කාලයේ, සුදුසු වයස් සීමාවේදී පාඨමාලා හැදෑරීමට යොමු වීම අනිවාර්යය වේ.