01) විවේකය සහ විනෝදය සඳහා දෛනිකව කාලය වෙන්කර ගන්න.
ක්‍රීඩා කටයුතුවල නියැළීම, සෞන්දර්යාත්මක රසවින්දනය, විනෝදාස්වාදජනක ක්‍රියාකාරකම්වල නියැළීම හා යෝග ව්‍යායාමවල නිරතවීම ආදී ක්‍රියාකාරකම් මේ සඳහා යොදාගත හැකිය.
02) දෛනික ජීවිතයේ කටයුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සැලසුම් කරන්න.
හදිසි කාර්යයන්
අත්‍යවශ්‍ය කාර්යයන්
අනවශ්‍ය කාර්යයන්
වශයෙන් වර්ගීකරණය කර උපයෝගීතාව අනුව කටයුතු සැලසුම් කරන්න.
03) තමන්ට පැවරනෙ වගකීම් කොටස නිසි ලෙසඉටු කරන්න
සියලුම දේ තමන්ගේ පෞද්ගලික දේ යැයි නොසිතන්න. තමන්ට පැවරනෙ වගකීම් කොටස නිසි පරිදි ඉටුකිරීමෙන් මානසික ලිහිලනය ලබාගත හැකිය.
04) චර්යා රටාවන්ගේ වෙනස්කම් ඇතිකර ගන්න.
ඇබ්බැහිවීම, හදිසි තීරණ ගැනීම, ඉක්මන් කෝපය, අසාමාන්‍ය ලිංගික චර්යා වැනි අසාමාන්‍ය චර්යා රටාවන්ගෙන් අත්මිදී යහපත් චර්යා රටාවක් ජීවිතයට හුරුකරන්න.
05) ජීවිතයට ආකල්පමය වෙනසක් ඇතිකර ගන්න.
කලකිරීම, සැකය, අසුබවාදී චින්තනය දුරුකර ධනාත්මක ආකල්ප හරහා ආත්මවිශ්වාසයෙන් කටයුතු කරන්න.
06) තම ප්‍රශ්න ගැටලු අන්‍යයන් හා සාකච්ඡා කරන්න.
නිතරම විවෘත මනසකින් අන්‍යයන් සමග කටයුතු කිරීම, විවිධ ගැටලුවලට නිසි පිළිතුරු ලබාගැනීමට හේතුවේ. එය පුද්ගල මානසික ආතතිය දුරුකිරීමටද හේතුවේ.
07) සිදුවීම්වලට මුහුණදීමට ඇති පූර්ණ සූදානම
අනපේක්ෂිත සිදුවීම් හරහා ඇතිවන ඉච්ඡාභංගත්ව නිසා ඇතිවන මානසික ආතතිය දුරුකිරීමට සෑම සිදුවීමකටම පෙර ඉන් ලැබෙන ප්‍රතිඵලයට මුහුණදීම සඳහා නිසි පෙර සූදානමක් ඇතිකර ගන්න.