Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 05 වන බදාදා
2025 පෙබරවාරි මස 05 වන බදාදා
IDH රෝගීන් කොරෝනා නෑ
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගෝඩ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබේ.
මෙම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් වෙයි.
ඉන්දික හේවාවිතාරණ
කොරෝනා වෛරසයට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව අද රැස්වෙයි
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5.00 ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතය.
මෙහිදී සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වෛරසය පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.
මීට අමතරව මෙම කමි්ටුවට උපදෙස් ලබාදීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (27දා) පෙරවරු 11.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
කොරෝනා වෛරසයට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුවක්
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.
මේ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරිම වැළැක්වීම සඳහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අදාලව පහත නම් සදහන් නිලධාරීන් යුත් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත් කර ඇත.
මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්යෙ සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සහ ලක්ෂ්මි සෝමතුංගු මහත්මිය, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ සුදත් සමරවීර මහතා, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා, ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලකවරයාද පත් කර ඇත.
‘රෝගය සම්බන්ධයෙන් සැක රෝගීන් 6දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නවා
දෙදෙනෙකුට වෛරසය වැළඳී නොමැති බවට මූලික පරීක්ෂණ වලදී තහවුරුවෙයි, අවසන් නිගමනය අද
චීනයේ වුහාන් නගරයේ හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි අය සති 2ක කාලය තුළ රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න
ඉන්දික හේවාවිතාරණ
කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් කොරෝනා වෛරසය ශරීරගත වීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන පිරිස්වලට අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා තිබේ නම්, ළඟම රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
කොරෝනා වෛරසය අලුත් වෛරසයක් වන බැවින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පහසුකම් තිබෙන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බවත්, රෝග ලක්ෂණ තිබෙන පිරිස් රෝහල්වලට ඇතුළත් වූ පසු ඊට අදාළ කටයුතු රෝහල් මගින් සිදුකරන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
මීට අමතරව රෝග ලක්ෂණ තිබෙන පිරිස් ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ අංගොඩ පිහිටි ජාතික උණ රෝහල වෙත යොමු කරන බවද හෙතෙම පැවසීය.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් කටුනායක ගුවන්තොටුපොළ තුළදී පරීක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, මෙම රෝගයට අදාළ ඖෂධ පිළිබඳ අත්හදා බලමින් යන බවත් පවසා සිටි වෛද්‍යවරයා, වෛරස් රෝගවලදී ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයට බාධා කරන බවත්, මේ නිසා ඊට අදාළ ප්‍රතිකාර කටයුතු හා අතුරු ආබාධ ඇති වුවහොත් ඊට අදාළ ප්‍රතිකාර ලබාදෙන බවත් සඳහන් කර සිටියේය.
අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙකුගේ සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමුකළ බවත්, ඉන් දෙදෙනෙකුගේ මූලික පරීක්ෂණ ඊයේ (26දා) සවස ලැබුණ බවත් තවත් අයෙකුගේ සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවත් ඒ මහතා පැවසීය.
එහිදී මෙම පුද්ගලයන් දෙදෙනාට වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වූ බවත්, එහෙත් අද (27දා) දිනයේදී සවිස්තර වාර්තාවක් එළිදක්වන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
එසේම ශ්වසනාබාධ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් රෝගියාගේ ගමන් බිමන් පිළිබඳ විස්තරයක් ලබා ගන්නා බවද වෛද්‍යවරයා පැවසීය.
අධික ලෙස ජනතාව ගැවසෙන ස්ථානවල සිටීමෙන් වැළකන ලෙසත්, සෑම විටම අත්පිරිසුදුව තබාගන්නා ලෙසත්, කැස්ස හා කිවිසුම් යන විට ටිෂූ හෝ ලේන්සුවක් භාවිත කරන ලෙසත්, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන පිරිස් මුඛ ආවරණ භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේය.
වෛරසය ශරීරගත වූ පසු රෝග ලක්ෂණ මතුවීමට සති දෙකකට ආසන්න කාලයක් ගතවන බවත්, මේ නිසා චීනයේ වුහාන් නගරයේ සිට හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි පිරිස්වලට සති දෙකක කාලය තුළ උණ හෝ අනෙකුත් රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන ලෙසත් ඉල්ලා සිටින බවද වෛද්‍යවරයා පැවසීය.
මුඛ ආවරණ පැලඳිය යුත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පවතින පිරිස් පමණක් බවත්, අදාළ රෝගය සම්බන්ධයෙන් සැකකරන රෝගීන් හතර දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවත් පවසා සිටි හෙතෙම, ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.
මෙම හතර දෙනාගෙන් දෙදෙනෙකු සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බවත්, අනෙක් දෙදෙනා ලංකිකයන් වන බවත් පවසා සිටි වෛද්‍යවරයා, එක් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු වුහාන් නගරයේ ඉගෙනුම ලබන බවද පෙන්වාදුන්නේය.
මීට අමතරව නව කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු පැතිර යා හැකි බවත්, මෙම රෝගය ලංකාවට පැතිර යාමේ අවදානමක් තිබෙන නිසා ගුවන්තොටුපොළවල ඊට අවශ්‍ය සූදානම් කිරීම් සිදුකර තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ගුවන් මගීන්ට ගුවන්යානා තුළදීම රෝගය පිළිබඳ දැනුවත් කිරීම ක්‍රියාත්මක කරන බවත්, ගුවන් මගීන් පරීක්ෂා කිරීමද සිදුකරන බවත් එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.
එසේම මෙම රෝගයෙන් ජනතාව බේරාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව පිළිපැදිය යුතු කරුණු කිහිපයක් එළිදක්වා තිබේ.
එනම් ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වැළකීම, නිතර නිතර සබන් හෝ ඇල්කොහොල් සහිත පිරිසුදු කාරක යොදා අත්සේදීම, කැස්ස ඇති වනවිට සහ කිවිසුම් යනවිට ටිෂූ හෝ ලේන්සුවක් භාවිත කිරීම, එසේ නොමැතිනම් වැලමිට දෙසට කිවිසුම් පිටකිරීම, උණ කැස්ස සහිත අය සමීප ආශ්‍රය කිරීමෙන් වළකින ලෙසයි.
විදෙස්ගතව පැමිණෙන පිරිස් ගැන විශේෂ අවධානයක් ඕනෑ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින ගණනක් ගතවන නිසා විදේශගතව සිට පැමිණෙන පිරිස් පිළිබඳ මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා වෛරසය පැතිරයන රටවල සිට මෙරටට පැමිණෙන පිරිස්වලට එකවර රට තුළ ඇතුළුවීමට ඉඩ ලබානොදී ඔවුන් එක් ස්ථානයක ආරක්ෂිතව රඳවාගෙන පසුව රට තුළට ඇතුළු කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඊයේ (26දා) දින සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මෙම වෛරසය ලෝකය පුරා ශීඝ්‍ර‘යෙන් පැතිර යන බවත්, රටක් ලෙස මෙවැනි රෝගයකට ප්‍රතිකාර කිරීමට විශේෂ ස්ථානයක් ලෙස පවතින්නේ අංගොඩ පිහිටි උණ රෝහල පමණක් බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ජනතාව ආරක්ෂා කර ගැනීමට රට තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ හරහා විදේශීය රටවල සිටින පිරිස් යම් අපහසුතාවන්ට පත් වුවත් ඊට වඩා රටේ ජනතාව ගැන සිතා කටයුතු කළ යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරසයට අදාළව නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නොමැති නිසා රෝග ලක්ෂණ අනුව පරීක්ෂා කිරීම් සිදුකර ඊට අදාළ ප්‍රතිකාර කරන ලෙසට වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ සිටියේය.
ගැබිනි මවුවරුන්, වැඩිහිටි පිරිස් හා කුඩා දරුවන්ට අධික ලෙස උණ හා හිසරදය, සෙම්පතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම තිබෙනවා නම් ළඟම රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
චීනය ඇතුළු රටවල් 17ක නව කොරෝනා ආසාදිතයෝ හමුවෙති
මරණ 56ක්, රෝගී වූවන් 2,007ක්
වුහාන් නගරයට ඇතුල් වීමේ හා පිටවීමේ තහනමක්
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය තුළ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ තවත් රටවල් 17ක් පුරා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම වෛරසය හේතුවෙන් ඊයේ (26දා) දහවල් වනවිට චීන ජාතිකයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ආසාදිතයන් සංඛ්‍යාව 2,000 ඉක්මවා තිබිණි. ඒ අතරින් 90කට වැඩි පිරිසකගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
චීනය මුහුණදී ඇති මෙම වසංගත තත්ත්වයට වහාම පිටුදැකීම සඳහා පියවර ගන්නා බව චීන ජනාධිපති ෂිං ජිංපින් මහතා ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. එසේම වුහාන් නගරයේ වෙසෙන සිය පුරවැසියන් ඉන් ඉවත් කරගැනීම සඳහාද විදෙස් රාජ්‍යයන් රැසක්ම ඊයේ ක්‍රියාත්මක විය.
වෛරසය දරුණු ලෙස ව්‍යාප්තව ඇති වුහාන් නගරය ඇතුළුව තවත් ප්‍රධාන නගර කිහිපයකදීම එම නගර තුළට සහ ඉන් පිටතට සිදුකරන සංචාරක කටයුතු තවදුරටත් අත්හිටුවා තිබේ.
එසේම වුහාන්හි රෝගී වූ පිරිස් වෙත ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000කින් යුත් තාවකාලික රෝහපන් කඩිනමින් ඉදිකිරීමේ කටයුතුද මේ වනවිට සිදුවෙමින් පවතියි. ඒ අනුව පෙබරවාරි 01 වැනිදා වැඩ අවසන් වන එහි 03 වැනිදා සිට ප්‍රතිකාර ලබා දෙන බව බලධාරීහු පවසති. ඇඳන් 1500කින් යුත් තවත් රෝහලක් ඉදිරි දින 15ක කාලය තුළ ඉදි කර අවසන් කිරීමටද චීනය බලාපොරොත්තුවෙයි.
මෙතෙක් නිසි ප්‍රතිකාරයක් හඳුනා නොගත් මාරාන්තික වෛරසයක් වන නව කොරෝනා වෛරසය, 2003 වසරේදී චීනයේම ව්‍යාප්ත වුණු සාර්ස් වෛරසයට සමාන ලක්ෂණ සහිත බවට වර්ග කෙරී ඇත. එම අවස්ථාවේදී චීනයේ සහ හොංකොංහි පුද්ගලයෝ 800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට කටුනායකටතර්මෝ ස්කෑන් යන්ත්‍ර 4ක්
කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළේ තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කර තිබේ.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති උපදෙස් අනුව සියලු ආරාක්ෂක විධිවිධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කටුනායක ගුවන්තොටුපොළ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ සඳහා කටයුතු කරමින් සිටින බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළේ කොරෝනා පරීක්ෂා කිරීමේ කටයුතු පුළුල් කිරීමටද පියවර ගෙන ඇති බවත්, සෞඛ්‍යඅමාත්‍යාංශය සමග එක්ව මේ සඳහා යොදවා ඇති කාර්යමණ්ඩලය වැඩි කිරීමටද කටයුතු කරන බවත් රණතුංග මහතා පවසා සිටියේය.
ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර ඇති බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව එය ක්‍රියාත්මක කරන අතර, දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙනයා හැකි ගුවන්යානා කිහිපයක් මේ සඳහා යොදවා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
කොරොනා වෛරසය ආරම්භ වූවේ යැයි සැලකෙන චීනයේ වුහාන් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු පමණ වෙසෙන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යාංශය චීන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් පවසා සිටි අමාත්‍යවරයා, අදාළ අවසරය ලැබුණු පසු ඒ සඳහා විශේෂ ගුවන්යානායක් යෙදවීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
නවෝද්‍යා පවනි
චීනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය පැය 24ම විවෘතයි
චීනයේ වූහාන් ඇතුළු පළාත් කිහිපයක පැතිර යන කෝරානා වෛරසය හේතුවෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකේය සිසුන් සහ වෘත්තිකයන්ගේ තොරතුරු නිරන්තරයෙන් ලබාගැනීම සඳහාත්, එම සිසුන්ට තානාපති කාර්යාලය සමග අඛණ්ඩව සබඳතා පැවැත්වීම සඳහාත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා විවෘතව තබන ලෙස විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී තිබේ.
මේ අතර, දැනට ගමන් බිමන් සීමා කර ඇති වූහාන් නගරය තුළ සිරවී සිටින ශ්‍රී ලාංකේය සිසුන් නැවත කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මට්ටිමින් කටයුතු සිදුකෙරෙමින් පවතින බවද අමාත්‍යාංශය ආරංචි මාර්ග පෙන්වා දෙයි. විශේෂයෙන්ම රාජ්‍ය නායක මට්ටමින්, විදේශ සබඳතා අමාත්‍යංශ මට්ටමින්, චීනයේ විදේශ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමග මේ සම්බන්ධ සම්බන්ධීකරණයන් හා සාකච්ඡා නිරන්තරව සිදුවෙමින් පවතින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
ෂමිල පෙරේරා
චෙන්ඩු නගරයේ සිටින සිසුන් 150ක් පැය 48ක් ඇතුළත ගෙන්වා ගැනීමට පියවර
ජනාධිපති මාධ්‍ය ඒකකය
කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බවද එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම සිචුආන් ප්‍රාන්තයට අමතරව චීනයේ වුහාන් ප්‍රාන්තයේද කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන අතර, එම ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරීන් විසින් දැනට තහනම් කර තිබේ.
ඒ අනුව එම තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියි.
මීට අමතරව චීනයේ නැනින්හි සිටින සිසුන් 30 දෙනෙකු ඇතුළු විවිධ ප්‍රදේශවල අධ්‍යාපනය ලබන සිසුන් 790 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී ඇති බවත්, ඒ අනුව චීනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු මේ වනවිට රැස් කරමින් පවතින බවත් එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
මේ අතර වුහාන් සහ සිචුආන් ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්දී ඇති අතර, එසේම ඒ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
මෙහිදී තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය %We chatgroup^ භාවිතයෙන් සිදු කෙරේ. චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා ගුවන්තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කෙරෙන අතර, යම් අයෙකු උණ රෝග තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනාගනු ලැබුවහොත් ඔවුන් අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරේ. එවැනි අයගේ රුධිර සහ මූත්‍රා සම්පල බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරෙනු ඇත.
නිදර්ශනී වික්‍රමසිංහ
popular news
Chandani Monday, 27 January 2020 02:54 PM
චීනේ ඉඳල එන අපේ ළමයි සති 2ක් ගෙවල් වලිනුත් පිට සුදුසු තැනක රඳවන්න. පවුලේ යට උනත් අවදානම් නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd