දිවයිනේ කොළඹ, බොරලැස්ගමුව, කුරුණෑගල ප්‍ර දේශවලින් ලබාගත් පී.සී.ආර්. සාම්පලවලට අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන්නේ එංගලන්තයෙන් වාර්තා වන B117 යන කොවිඩ් වෛරස් ප්‍ර භේදය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්යාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මෙම වීකෘති වෛරස් ප්‍ර භේදය තුළින් මරණ ඇතිවීම සියයට 55 ක් දක්වාත් පැතිරීම සියයට 50ක් දක්වාත් වේගවත් බවයි.
ශ්‍රී ලංකාව තුළද මෙම වෛරසය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුව මෙම පරීක්ෂණ සිදුකළ බවත් ඔහු පැවැසීය.
සාම්පල 43ක් මෙම පරීක්ෂාවට යොදාගත් බවත් මෙම වෛරසය B117 බවට සියයට සියයක් තහවුරු කරන බවත් ඔහු පැවැසීය.
“මෙම ප්‍ර භේදය තරමක් කරදරකාරී ගැටලුකාරී එකක්. නමුත් මෙය ඇස්ට්‍රා සෙනිකා එන්නතට සංවේදීයි” යැයි ඔහු පැවැසීය.