Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සාමාන්‍ය ජනතාවගේ පක්ෂය. ඉතින් සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරින් බිහිවුණ කෙනෙක් ලෙස මටත් ඒ ගැන පොඩි ආඩම්බරයක් තිබෙනවා. අපි වගේ ගම්වලින් බිහිවන පුද්ගලයන්ට දේශපාලන ව්‍යුහයේ ඉදිරියට මතු වීමට අවම ඉඩකඩක් තිබෙන්නේ. 1950 ගණන්වල මේ රටේ ඇතිවුණ ප්‍රධාන ප්‍රතිසංස්කරණ එනම් අධ්‍යාපනය, සමාජ සුබසාධනය, ආර්ථිකය, සේවා කටයුතු සමග තමයි මටත් ඉදිරියට මතු වෙන්න අවස්ථාව උදා වෙන්නේ.
60 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ මහා විද්‍යාල ආරම්භ වී, රජයට පාසල් පවරා ගැනීම යනාදී ප්‍රතිසංස්කරණවල බලපෑම මගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට බලපෑමක් වුණා යැයි කීවොත් නිවැරදියි.
පාසල් අධ්‍යාපනයෙන් පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙනවා. 70 දශකයේන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ එනම් 71 කැරැල්ලෙන් පසුව රටේ විශ්වවිද්‍යාල පද්ධතියට වෘත්තීය අභිමුඛ පාඨමාලාවන් හඳුන්වා දෙනවා. එයින් එක් විෂයක් තමයි ජනසන්නිවේදන පාඨමාලාව. ඒ විෂය හරහා මට මගේ වෘත්තීය සහ කුසලතාව සහ ආකල්ප වර්ධනය කර ගන්න අවස්ථාව උදා වුණා.
මම සතුටු වෙනවා ඒ විෂය පෝෂණය කරමින් ඒ අනුව මගේ පශ්චාත් උපාධිය, විදේශ අධ්‍යාපනය වගේම විදේශ ඇසුර වර්ධනය කර ගන්න මට අවස්ථාව උදා වීම සම්බන්ධව. මම ලංකාවේ ජනසන්නිවේදන ක්ෂේත්රයේ බලපෑම්කාරී සෑම ක්ෂේත්රයකම පුවත්පත් මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය, සිනමා මාධ්‍ය, රූපවාහිනි මාධ්‍ය මෙන්ම එකී ආයතනයන්ගේ අධ්යක්ෂ, ජූරි සභාවල කමිටු නියෝජිතයන් රජයේ සෑම ආණ්ඩුවක් විසින්ම ඇති කරපු සෑම ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහාම මම මැදිහත් වී තිබෙනවා. එමෙන්ම විවිධ මාධ්‍ය පර්යේෂණවල යෙදී තිබෙනවා.
මේ සමග දේශපාලන අවබෝධයකුත් මට යම් ආකාරයකට ලැබුණා. මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු නොවුණත් පාක්ෂිකයෙක්. මට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණාට පසුවත් ඒ අත්දැකීම ලැබුණා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් සමග මම වැඩුණා. ශිෂ්‍ය සංගමයත් සමග කටයුතු කළා. මම එහි සක්‍රීය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළා. ඒ ක්‍රියාකාරකම් සමගම මම මගේ අධ්‍යාපන කටයුතුත් සිදුකරගෙන ගියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවති මගේ සම්බන්ධතා 80 දශකය පමණ දක්වා දිව යනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ කටයුතු කර තිබෙනවා. ඒවගේම චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ ඉතාම සමීපව කටයුතු කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂ නායකත්වය දෙනවිට අපි පක්ෂය සමග සිටියා. ඉතින් මම සිතනවා ඒ නිසා වෙන්න ඇති මට තිබුණු අවබෝධය සමග පක්ෂයේ ලේකම් ධුරයට මට ආරාධනා කළේ.
නූතනයේ නිර්ප්‍රභූ නායකත්වයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණේ ප්‍රභූ පක්ෂයක් ලෙසින්. එස්.ඩබ්ලිවු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බොහොම බලවත් ප්‍රභූ සමාජ තීරුවේ නායකයෙක්. එතුමා ඒ තීරුවෙන් මිදිලා භාෂාව, ඇඳුම පැලඳුම, චාරිත්‍ර වාරිත්‍ර, ජීවන ක්‍රමය හා ප්‍රතිපත්ති වගේම මේ පක්ෂය ඉතා කෙටි කාලයකින් සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පක්ෂයක් බවට පත්කළා. පසුව මෙය ගලන් යනවා පහළ තීරුවට. ඒ කියන්නේ ඈත ගිරුවාපත්තුවේ මතුවුණ නායකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට. ඉන්පසුව 21 වැනි සියවසේ මේ පක්ෂය පොළොන්නරුවේ වියළි කලාපයේ ගොවිජනපද ව්‍යාපාරයේ නායකයෙකුගේ පුතෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට ගලාගෙන එනවා.
මේ නිර්ප්‍රභූ පාංතිකයන්ට පක්ෂ අධිකාරිත්වය හිමි වෙනකොට එක්සත් ජාතික පක්ෂයට තවමත් එසේ වන්නට බැරිවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූ නායකයන් ලෙස ඩී.එස් සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන හඳුනාගන්න පුළුවන්. ඒ ප්‍රභූ අධිකාරිත්වය පවුල් ඥාති සම්බන්ධතාව තුළ අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා අත රැඳී සිටිනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මධ්‍යම පාංතිකයන් අතට පත්ව තිබෙනවා. ඇත්තෙන්ම මම අද සතුටු වෙනවා නිර්ප්‍රභූ නායකත්වය සමග බුද්ධිමය ඇදහීම් සහිත ග්‍රාමීය පුද්ලගයෙකු ලෙසින් මේ ලේකම් ධුරය දැරීම පිළිබඳව.
මම හිතන ලෙසින් මෙය සමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය වී තිබුණ දෙයක්. මෙතෙක් පක්ෂයේ සිටි ලේකම්වරුන්ට ක්ෂේත්රය පිළිබඳ තිබුණේ යම් අකාරයක දැනුමක් පමණයි. මේ සමයේ දේශපාලන ප්‍රවේශයට තරුණයන්ගේ අකමැත්තක් වගේම දේශපාලකයාගේ ප්‍රතිරූපය විශාල වශයෙන් බිඳවැටිලා තිබෙනවා. මෙන්න මේ සන්දර්භය තුළ තමයි ජනාධිපතිතුමා මට මේ සඳහා ආරාධනා කළේ. ඉතින් මේ තත්ත්වය හරි ප්‍රමාණයකට අවම කිරීමට නම් යම් ඉවසිලිවන්ත නිවැරදි කිරීමක් කරන්න වෙනවා.
මෙය යම් ආකාරයක නිවැරදි ක්‍රමයකින් කරන්න පුළුවන් කියලා මම හිතනවා. පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ඒ යටතේ අපේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය යන විෂය ක්ෙෂ්ත්ර තුළට මූලිකත්වයක් දෙන්න මම අපේක්ෂා කරනවා. ඒ තුළින් ස්වදේශීය ආර්ථිකයක් ගොඩනගන්නට අවශ්‍යයි. මේ රටට අවශ්‍ය නිපදවිය හැකි අතිවිශාල නිෂ්පාදන ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි නිපදවිය හැකි බොහෝ දේ ආනයනය කරනවා.
1970- 1977 කාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශිෂ්ටතම පාලන සමයයි. ඒ කාලයේ අපි බොහෝ දේවල් නිපදවුවා. පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද මැදිහත් වෙලා මේ සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවා. මේ පාලන සමයේ නව ශ්‍රමික කණ්ඩායමක් රටේ ඇතිවුණා. කෘෂිකර්මාන්තය සමග වගා වෙළෙඳ පොළක් බිහිවුණා. නමුත් අද වන විට එසේ නොවේ. මේ නිසා රටේ විරැකියාවට හරි උත්තරයක් නැහැ. 1970 වන විට 70% කින් අපි දේශිය කිරි නිෂ්පාදනය කළා. නමුත් අද වන විට එය 10% දක්වා අඩු වෙලා තිබෙනවා.
එමෙන්ම ලංකාවට අවශ්‍ය කරන දේශීය ඖෂධ අපි විදෙස් රටවලින් ආනයනය කරනවා. වසාවාසි, කරදමුංගු, ගම්මිරිස්, පාත්පාඩගම්, අමු ඉඟුරු, කහ සහ බිං කොහොඹ යනාදිය. ෙම් අපි ලංකාවට ගෙන්වනවා. නමුත් මේවා ලංකාව තුළම වවන්න පුළුවන් දේවල්. ඒ තුළින් පහළ පංතියට මුදල් ගලාගෙන එනවා. ජීවන ක්‍රමය උසස් වෙනවා. උත්සව සමයට අවශ්‍ය මස්, බිත්තර පවා ගෙන එන්නේ විදෙස් රටවලින්. නමුත් ඒවා අපට සකස් කළ හැකියි. වර්ෂය පුරාම පලතුරු තිබෙන රටක ඇපල්, මිදි ආදි විදෙස් රටවලින් ගෙන්වන පලතුරු පුරවලා තිබෙනවා. නමුත් අපි ඉන් බැහැර වී දේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමට ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගැනීමට අවශ්‍යයි.
සෑම අම්මා කෙනෙකුගේම අවශ්‍යතාව වන්නේ තමන්ගේ දරුවට හොඳින් උගැන්වීමයි. අපි අධ්‍යාපනය නවීකරණය කරන්න අවශ්‍යයි. උසස් පෙළ සමත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 20෴ක් පමණක් නොවේ සියලු දෙනාට අධ්‍යාපනය ලැබිය හැකි ව්‍යුහයන් අප නිර්මාණය කළ යුතුයි. සෑම වෘත්තියකටම වෘත්තිය පාඨමාලා ආරම්භ කළ යුතුයි. ලෝකයේ දියුණු රටවල්වල සෑම විෂයක් සඳහාම උපාධි පාඨමාලා තිබෙනවා. එවැනි සෑම වෘත්තියකටම උපාධි පාඨමාලා සකස් කරන්න පුළුවන් නම් අපේ රටේ තරුණයෝ සෑම කෙනෙකුටම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. විරැකියාව නොව ආකල්ප වෙනස් කර රජයේ රැකියාවක් වෙනුවට තමන්ම රැකියාවකට යොමුවන ආකාරයට යොමුවන ජීවන ක්‍රමයකට රට ගෙනියන්න ඕන. එසේ නොමැති වුණහොත් මේ රට හදාගන්න බැහැ.
ලංකාවේ පොහොසත්ම මිනිස්සුන් 20%ට ලංකාවේ ධනයෙන් 48%ක් අයිතියි. ලංකාවේ දුප්පත්ම 20%ට ලංකාවේ ධනයෙන් 2෴යි අයිති. මේ තුළ ප්‍රබල සමාජ අසාධාරණයක් ඇති වී තිබෙනවා. මේවා වෙනස් කරන්න අවශ්‍යයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසින්, එක්සත් ජනතා සන්ධානය ලෙසින් බුලත් කොළයෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණි අයට මේ මැතිවරණ සන්දර්භය තුළ බලයක් තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් මතුවෙලා කෙටි කාලයක් තුළදී පක්ෂ නායකත්වය එතුමාට ලබා දුන්නා.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් කාටවත් හිමි නොවුණ නිසා සිදුකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කළා. ඒ යටතේ ජාතික ආණ්ඩුවක් සකස් කිරීම සඳහායි කථිකා කළේ. නමුත් කොටසක් විරුද්ධ පක්ෂයේ පෙනී සිටින බව පැවසුවා. ජනාධිපතිවරයා ඒ සඳහා ඔවුන්ට අවසරය ලබා දුන්නා. ඔවුන්ට තවමත් අයිතියක් නැහැ පක්ෂයෙන් ඉවත් වෙන්න. ඔවුන්ගෙන් කොටසක් පොහොට්ටුව කියා පක්ෂයක් සාදා තිබෙනවා. නමුත් අපේ සමාජිකයන් කවුරුත් තාම එහි සමාජිකත්වය දරා නැහැ. දැක්මක් සහිතව ව්‍යාපාරයක් සකස් කර ගත්තොත් අපිට මේ අර්බුදයෙන් යම්තාක් දුරට හෝ මිදෙන්න පුළුවන්.
මම හිතනවා පුළුවන් කියලා. පක්ෂය විතරක් නෙමෙයි. අධිරාජ්‍ය විරෝධී, ප්රගතිශීලී, වාමවාදී, දේශප්‍රේමී මේ සියලු බලවේග සමග අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. වඩා ඉවසිලිවන්ත සංවාදයක අපි ගමන් කළ යුතුයි. මේ රටේ සියලු බලවේග එකතු කිරිමේ ව්‍යාපාරයක අපි යෙදිලා තියෙනවා. එසේ එකතු නොවුණොත් පක්ෂයට පමණක් නොවේ රටට ජාතියට පවා අනාගතයක් නැති වේවි. බොහෝ තරුණයන් දේශපාලනයෙන් විතැන් වෙලා සිටින්නේ. ඔවුන්ට දේශපාලනය පිළිකුල් සහගත දෙයක් වී තිබෙන්නේ. එය නිවැරදි කරමින් අප ගමන් කරන්න අවශ්‍යයි. තරුණයන්ට, කාන්තාවන්ට මේ පක්ෂයේ පුළුවන් තරම් ඉඩකඩ ලබා දෙන්න ඕන.
සිරිමාවෝ, බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික අදහස් දැරූ කණ්ඩායම් සිටියා. ඔවුන්ගේ වාමවාදී අදහස් අද වෙනකොට වෙනස් වෙලාද?
සිරිමාවෝ, බණ්ඩාරනායක කාලයට වඩා දැන් තිබෙන කාලය වෙනස්. 80 දශකයේ සෝවියට් දේශයේ බිඳවැටීම සමග පරණතාලේ වාමවාදී මත දරන අය ටිකක් දුර්වල වෙලා තිබෙනවා. ඒ නිසා නවීන වාමවාදී ව්‍යාපාරය චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය යනාදී රටවල් හරහා යළි මතුවෙමින් තිබුණා. මේවත් අපි විමර්ශනය කරන්න අවශ්‍යයි. නිර්මාණශීලීව අපි සිතන්න ඕන. මේ ස්වදේශික වාදය, ශ්‍රී ලාංකික සන්ධර්භයක මත සිට ආර්ථිකය, සමාජය, අධ්‍යාපනය පිළිබඳ සිතිය යුතු කාලයයි. ඒ දිශාවට අපි සෙමින් ගමන් කරන්න අවශ්‍යයි කියා මා සිතනවා.
ඉවත් වෙනවද නැද්ද යන කාරණය තීරණය කිරීම ඓතිහාසික කටයුත්තක්. නමුත් මට සිතෙනවා මේ ආණ්ඩුවෙන් යම් ආකාරයකින් අපි අයින් වුණා නම් දුම්රිය වැඩවර්ජකයන්ගේ වර්ජන තත්ත්වය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණවලට කුමක් සිදුවේවිද කියා බලන්න තිබුණා කියලා. තවම එක මාධ්‍යයවේදියෙකු ඝාතනය වෙලා නැහැ. එක ශිෂ්‍යයෙක් ඝාතනය වෙලා නැහැ. එක සාමාන්‍ය වැසියෙකුට වෙඩි තියලා නැහැ. අන්තර්ජාලය තුළ නිදහස දෝරේ ගලනවා. අපි නොසිටියා නම් මේ ආණ්ඩුවට කුමක් සිදුවේද කියා සිතාගන්නවත් බැහැ. ඒ නිසා මේ තත්ත්වය පළමුව තේරුම් ගැනීම අවශ්‍යයි.
අපි 2020 මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා. දැනටත් අපිට ඒ සඳහා අපේක්ෂකයෙකු ඉන්නවා. ඒ අපේක්ෂකයා, ඒ නායකයා වටා සියලු බලවේග එකතු කිරීමේ දුෂ්කර නිර්මාණශීලී බලපොරොත්තු සහගත ගමනකට අපි ලෑස්ති වෙනවා.
ඔබ ස්වදේශික සංකල්පය ගැන කීවත් ආනයන භාණ්ඩවල ප්‍රමාණය මේ වන විට ඉහළ ගොසින් තිබෙනවා. ඒ තුළ සැබෑ ලෙස ස්වදේශික දේවලට වෙළෙඳ පොළක් සකස් කරගත හැකිද?
මේ වන කොට ලංකාවේ අල අස්වැන්න ලබා ගන්නා කාලය. ඒ නිසා ආනයනික අල සඳහා 40%ක බද්දක් පැනවීමට ජනාධිපතිතුමා තීරණය කළා. දේශීය පලතුරුවලට වෙළෙඳ පොළක් සකස් කරන්න ආනයනික පලතුරු බද්දක් දමා තිබෙනවා. පලතුරු වගා කිරීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දේශීය කිරි නිෂ්පාදනය නගාසිටුවන්න කටයුතු කර තිබෙනවා. ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කළ හැකි භාණ්ඩ නිෂ්පාදනයක් දක්වා වර්ධනය කරන්න අවශ්‍යයි.
ස්වදේශිකවාදී ආර්ථික ප්‍රතිපත්තියක්, දැක්මක් මුලින්ම සකස් කර ගන්න ඕන. එයට ගැළපෙන අධ්‍යාපන වැඩසටහනක් අපි සකස් කරන්න ඕන. එය ලෙහෙසි දෙයක් නොවේ. මේ සඳහා ආකල්පමය වශයෙන් විශාල අරගලයක් සිදුකරන්න අවශ්‍යයි.
එය තීරණය කරන්නේ කාලය විසින් ජනතාව මට දෙන තැන මොකක් කියන එක අනුව. මට දී තිබෙන්නේ එක්තරා ආකාරයකින් පැවරුමක්. මම එය හොඳින් ඉතා ඉක්මනින් ඉටු කරන්න මම අපේක්ෂා කරනවා. අපි ආසන 125කට වැඩි ප්‍රමාණයක මේ වන විටත් බලමණ්ඩල පිහිටුවලා ඉවරයි. සියලු බලවේග එකරාශී කිරීම මේ වන විටත් අපි ආරම්භ කර තිබෙන්නේ. මම හිතනවා කාලය අනුව ජනතාව විසින් සියල්ල තීරණය කරාවි කියලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd