මහින්ද රාජපක්ෂ නියෝජනය කරනුයේ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන වැඩපිළිවෙළක් නොව සමාජ ක්රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිවාදී, ක්රමවිරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම්, නරක මිනිසුන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරනුයේද මෙම සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් එදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි (Life Style).
පාර්ලිමේන්තුව යනු රටක උත්තරීතර නීති සම්පාදන ආයතනයයි. එහි කථානායක පුටුව ඔසවා පොළොවේ ගසද්දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රහාර එල්ල කරද්දී, කථානායකවරයාට වතුර බෝතල්වලින් පහර දෙද්දී, හැත්තෑහත් වියැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුට මිරිස් කුඩු ප්‍රහාර එල්ල වෙද්දී, එහි කිසිදු වරදක් නොදැක හුරේ දමන්නේ එම සමාජ තීරුවයි. මෙම සමාජ තීරුව තුළ රටේ ඉහළ පන්තියේ ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, සුළු වෙළෙඳ ව්‍යාපාරිකයන්, රජයේ සේවකයන් මෙන්ම මුට්ට කර ගසන්නන්ද වේ. රාජපක්ෂවරු ගොඩනගන ලද මෙම සමාජ තීරුව වෙන් කරන රේඛාව වන්නේ දැන උගත්කම්, ආර්ථිකය, සමාජ පන්තිය නොව එම මිනිසුන් හා ගැහැනුන් දරන සමාජ ආකල්පයයි.
මෙම සමාජ ක්‍රමය තුළ විශේෂඥ වෛද්‍යවරයා හා රස්තියාදුකාරයා සමාන වේ. හැත්තෑහත් වියැති මහලු මන්ත්‍රීවරයෙකුට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ විට එය උත්කර්ෂයට නංවමින් තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ ප්‍රචාරය කරන්නට කෝට්ටේ මැද පාන්තික පිරිසට පුළුවන.
රාජපක්ෂවරුන් අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නෑසුකන් සිටීමටද, එමගින් මුළු රටමත්, මුළු ජාතියමත්, තම දූදරුවනුත් ආනාගතයේදී විශාල අවදානමකට ලක්වන බව දැන දැනත් රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයක්වත් නොකීමටද, එම අයුක්ති සහගත සියලුම ක්‍රියා මහදවල් හොරකම් වුවද, සාධාරණීකරණය කිරීමට මෙම සමාජ තීරුවට හැකිය. මෙම සමාජ තීරුවේ ගැහැනුන් හා පිරිමින් රටේ ඕනෑම ස්ථරයකදී හමුවිය හැකිය. ඔවුන් හඳුනා ගැනීමට පොදු වූ ලක්ෂණ ගණනාවක් තිබේ. එම ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔවුන් එම සමාජ තීරුව නියෝජනය කරන්නන්ය. නැතහොත් රාජපක්ෂ සමාජ තීරුවේ සමාජිකයන්ය. මේ එම ලක්ෂණවලින් කිහිපයකි.
1. ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය අමුතු රටවල් ලෙස සලකයි. 2. ඩොනල් ට්‍රම්ප් %පොරක්^ සේ කල්පනා කරයි. 3. බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම්ය. 4. සමහරක් පිරිස් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණේ යැයි කියති. 5. මේ දිනවල කථානායකවරයා, නයාට අඳුකොළ වගේය. 6. යූ.ඇන්.පී. සජිත් ප්‍රේමදාස මාර පොර නායකයෙක්ය. 7. රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය. 8. ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙන තුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි. 9. රට වෙනුවෙන් නම් මොකද්දෝ අපභ්රංසයක් දොඩවයි. 10. ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකියි. 11. දන් දීමට, පින් දීමට, සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර, ඒවා සමාජ ජාලවල ප්‍රදර්ශනය කිරීමටද ගිජුකමක් දක්වයි. 12. සිංහ කොඩිය, බුදු පින්තූර, හා හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරති. 13. විජය කුමාරයාට විරුද්ධ වන අතර, සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය. 14. දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරති. 15. සමලිංගිකත්වය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට විරුද්ධය. 16. සිංහල භාෂාව %මාර භාෂාවක්^ යැයි සිතති. 17. ශිෂ්‍යත්ව විභාගයට 100%ක් පක්ෂය. 18. පළිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි. 19. රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවක් විනාශ කරගත හැකිය. 20. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද මෙම ලක්ෂණ දැකිය හැකිය.
මෙවැනි ලක්ෂණ සිය ගණනක් කිව හැකිය. මෙයින් එක ලක්ෂණයක් හෝ කිහිපයක් ඇති බොහෝ දෙනා මෙම තීරුව නියෝජනය කරති. ප්රතිගාමී වූ අය වෙති. අප අතර ගැවසෙති. රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරති. ජාති, ආගම වැනි පාරභෞතික කාරණා මතුවී ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කරති. රාජපක්ෂවරුන්ගේ පවුල මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තිබේ. ඔවුහු මෙම පිරිස් සමග රාජ්‍ය පාලනය ව්‍යවස්ථා විරෝධීව පැහැර ගැනීමටත්, එම ක්‍රමයට මේ රට පාලනය කිරීමටත්, ජාතික දේපොළ හොරකම් කිරීමටත්, නඩුහබවලින් බේරීමටත් කල්පනා කරති. ඔවුන් බලහත්කාරයෙන් රාජ්‍යයේ එක්තරා කොටසක් අත්පත් කරගත් දිනම නීතිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බළකාය යොදවන්නේ රාජපක්ෂවරු නඩු ලිපිගොනු බැහැර ගනිති යැයි ඇති බියෙනි. ලංකාව අද කටයුතු කරනුයේ මහා භීෂණයක්, ආර්ථික අවපාතයක්, සමාජ අසාධාරණයක්, සාමාන්‍ය තත්ත්වයක් වෙමින් පවතින පාදඩ බලහත්කාරකමක් යටතේය.
මෙම තත්ත්වයෙන් මෙරට බේරාගත හැක්කේ උගත්, බුද්ධිමත් යුක්තිය පතන මිනිසුන්ට පමණි. මෙම පාදඩ පාලනයට හා සමාජයට අප යටත් වන්නේ නැත. අප සිටිනුයේ සීලාචාර වැදගතුන්ගේ පිලේය. සමාජ සාධාරණය හා යුක්තිය ඇත්තේ අප සමගය. අපි නපුරට එරෙහිව යක්ෂයාට එරෙහිව සටන් කරන්නෙමු.