Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙරට වගා කරන පළා වර්ගවලට යොදන පළිබෝධනාශක නිසා යම් වසවිස තත්ත්වයක් ඇතැයි පවතින රාවයක් සමග ජනතාව පළා වර්ග අනුභවයෙන් ඈත්ව සිටින බව පළා වර්ග වැඩියෙන් වගා කෙරෙන දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල ගොවියන්ගෙන් දැඩි මැසිවිල්ලක් ඇසිණි. අපි ඒ සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කරගනු වස් පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය, සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.
ඒක වැරදි ප්‍රචාරයක්. එයට පෙර මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ඇඳ ගැනීමට මම හැකි තරම් සරලව මේ විස්තරය කරන්නම්. වස විස යනුෙවන් අදහස් කරන්නේ කෘත්‍රිම පළිබෝධනාශක නම්, එවැනි නිෂ්පාදන පාරිභෝජනය වෙනුවෙන් සහතික වීම සඳහා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් වෙත අවධානය යොමු කළ යුතු වෙනවා.
ආහාරවලට පළිබෝධ එකතු වෙන්නේ කෙසේදැයි පළමුව විස්තර කරන්නම්. එහිදී දිලීර වර්ගවලට, කෘමි සතුන්ට, වල්පැළෑටි පාලනයට, මීයන් මර්දනයට වැනි දේවල්වලට පළිබෝධනාශක වර්ග යොදනවා. අස්වනු නෙළන කාලය ආසන්නයේත් ඒවාට කෘමීන්ගෙන් හා දිලීරවලින් ඇතිවිය හැකි හානි සලකා එවැනි දේ යොදනවා. භෝග නෙළා ගැනීමෙන් පසු ධාන්‍ය වැනි දේවල් කල්තබා ගැනීමටත් එවැනි දේ යොදනවා. කලක් එවැනි දේ යෙදීම හෝ වෙනත් රසායනික ක්‍රියාවන් නිසා දූෂණය වූ පසෙන්ද එවැනි දේ එකතු වෙනවා. මේ අනුව අපගේ ආහාරවලට යම් ඉතා සුළු ප්‍රමාණයක් අවශේෂ එකතු වීමට ඇති අවස්ථාව වැළැක්වීම අසීරුයි.
ආහාර තුළ හෝ ආහාර මත පැවැතිය හැකි පළිබෝධනාශක ප්‍රමාණය %අවශේෂ^ (residues) අස්වනු නෙළන විට හෝ නෙළීමට පෙර අාහාර දූෂණයට වැඩි ඉඩකඩක් සපයනවා.
ආහාරයක පැවැතිය හැකි පළිබෝධනාශක අවශේෂ කෙරෙහි ඇති බිය නිසා ඇතැමුන් ආහාර ගැනීමෙන් වැළකී සිටින බව පෙනෙනවා. පලතුරුවල හෝ යම් එළවළු වර්ගයක නැත්නම් මුකුණුවැන්න, ගොටුකොළවලටත් දැන් රසායනිකයන් ඉහිනවා. කොහොමද වස විස කන්නේ යැයි අැතැමුන් ඒවායෙන් ඉවත් වෙනවා. එය හිතකර තත්ත්වයක් නෙවෙයි.
අප පරිභෝජනය කරන ආහාරයේ විවිධත්වයක් තිබීම ස්වාභාවිකයි. එනිසාම අපට සමබර ආහාර වේලක් ලැබෙනවා. එයින් එකම පළිබෝධනාශකයකට පමණක් නිරාවරණය වීමෙන්ද වළකිනවා.
ඔබ විසින් කරන ලද නිරීක්ෂණ මොනවාද?
අපි මෙවැනි තත්ත්වයන් තුළ යම් විශ්ලේෂණයක යෙදුණා. එහිදී එළවළු සහ පලතුරු සාම්පල 499කින් 156ක ඒ කියන්නේ 31෴ක පමණ ප්‍රමාණයක යුරෝපා සංගමයේ රටවල ප්‍රතිශත පළිබෝධනාශක අවශිෂ්ට සීමාව ඉක්මවා ඇති බව වාර්තා වුණා.
භෝග කිහිපයක පළිබෝධනාශක අවශේෂ අගයන් හා ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ රටවල ප්‍රකාශයට පත්කරන ලද පළිබෝධනාශක අවශිෂ්ට සීමාවන් සම්බන්ධයෙන් වඩාත් සමීප සංසන්දනයක් කළ විට අවස්ථා 17කදී අවස්ථා 10ක් හෙවත් ඒ කියන්නේ 59෴ක් යුරෝපා සංගමයේ රටවල ප්‍රකාශයට පත්කරන ලද පළිබෝධනාශක අවශිෂ්ට සීමාව ඉක්මවා ඇති බවත් වාර්තා වුණා. එහෙත් තවත් වරක් අවස්ථා 17දී එක් අවස්ථාවකදී පමණක් ශ්‍රී ලංකවේ ප්‍රකාශයට පත්කරන ලද පළිබෝධනාශක අවශිෂ්ට ඉක්මවා ඇති බව නිරීක්ෂණය වුණා. පළිබෝධනාශක අන්තර්ගතය විශ්ලේෂණ ක්‍රමවේදයේ ඇති අවම ප්‍රමාණය අඩංගු විය යුතුයි. එය 0.01 ppm (කොටස් දසලක්ෂයකට එකක් ලෙස) එම යන්ත්‍රවල දැක්වෙනවා. එයට වඩා අඩුවෙන් එම යන්ත්‍ර හරහා නිරීක්ෂණය කළ නොහැකියි.
ඇත්ත වශයෙන්ම අප රටෙන් මෙම නිෂ්පාදනයන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කළේ නම් 31%ක් නිෂ්පාදන වර්ග ප්රතික්ෂේපවීමේ අවදානමක් තිබුණා යැයි කියන දේ පිළිගැනීමටත් සිදු වෙනවා. මෙම අවදානම මගහැරවීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට වගාකරුවන් නැඹුරු වීම හොඳ ප්‍රවේශයක් කියන එකයි මගේ මතය.
එහිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම් මැදිහත්වීමක් කර තිබෙනවාද?
ඒ අනුව Good Agricultural practices හෙවත් GAP කෘෂිකාර්මික ක්‍රියාවලියට ගොවියන් නැඹුරු වීම වඩා ඵලදායී බව මගේ අදහසයි. දියුණු රටවල් තම රටට ලැබෙන එළවළු, පලතුරු, පළා වර්ග නිරතුරු පරීක්ෂාවට ලක්කර එම අගයන් මනිනවා. එහිදී තවත් දෙයක් කිව යුතුයි. ඒ ඒ රටවල් එම අගයන් මනින්නේ ඒ රාජ්‍යන් විසින් සම්මත කරගත් ප්‍රමිතිවලට යටත්වයි. මෙහිදී අප භාවිත කරන්නේ %CODEX^ නමැති ක්‍රමයයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් 1963 සිට ඇතිකර ගෙන ඇති ජාත්‍යන්තර ප්‍රමිතියක්. එහිදී විද්‍යාත්මක සාධක උපයෝගී කර ගනිමින් පළිබෝධනාශක උපරිම අවශේෂ ප්‍රමාණ පිළිබඳ පොදු සම්මත නිර්ණායක සකස් කර තිබෙනවා.
අප යම් අවස්ථාවකදී පළිබෝධනාශක සම්බන්ධයෙන් මෙරට තුළ නිකුත් කරන ගැසට් පත්‍රයක පවා සඳහන් කරන්නේ මෙම %කොඩෙක්ස්^ ප්‍රමිතිය යටතේ දැක්වෙන ප්‍රමාණයන් බව කිව යුතුයි.
මෙහිදී අප තවදුරටත් සිහිතබා ගත යුතු කරුණ වන්නේ අපට ඇති මෙම විශ්ලේෂණ හැකියාවන් සහ අප සතු සම්පත් අනුව අපි %කොඩෙක්ස්^ ප්‍රමිතිය අනුව කටයුතු කළත් එය ඒ ඒ වෙනත් රටවල ප්‍රමිතිය යටතේ යම් වෙනස්කම් දැක්විය හැකියි. මන්ද ඒ රටවල් ඔවුන්ට අදාළව වෙනත් මැනුම් ක්‍රමයක් භාවිත කළ හැකි නිසා. එවැනි තත්ත්වයන් ඇති වෙනවා. යුරෝපා සංගමයේ රටවල සිදුවන්නෙත් එයයි. නමුත් එම දත්තයන් අනුව අපගේ රටේ මැනුම්වලදී එය ප්‍රතික්ෂේප වන ප්රමාණයන්ට අයත් වෙන්නේ නැහැ.
මොකක්ද මේ යුරෝපා සංගමයේ මිනුම් සහ ලංකාවේ මිනුම් අතර වෙනස?
මම ඒක තවදුරටත් සාමාන්‍ය තේරෙන ආකාරයෙන් කියනවා නම්, යුරෝපා සංගමයේ භාවිත කරන යන්ත්‍ර සූත්‍ර මගින් කරන නිරීක්ෂණ අනුව ඔවුන්ගේ සම්මතය අනුව පෙන්වන දත්තයන් අපි භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ මනින ක්‍රමවේද අනුව විමසීමේදී යම් වෙනසක් සිදු වෙනවා. නමුත් එහිදී යුරෝපය නුසුදුසුයි කියන මට්ට්ම අපේ මැනුම් අනුව (CODEX) සුදුසු මට්ට්මක තිබෙනවා. එනිසා අපි මිනුම් අනුව සුදුසු මට්ට්මක යැයි යුරෝපයට සූදානම් කරන විට සමහර විට එරට තුළ ඒ දත්තයන් ඔවුන්ගේ නිරීක්ෂණ අනුව නුසුදුසු බවට නිගමනය වීම සාමාන්‍ය දෙයක්. පළා වර්ගවලදී මේ තත්ත්වය තහවුරු කෙරෙනවා. එයින් %අපේ පළා වර්ග මෙරට භාවිතය වස විස සහිතය^ යන මතයකට යා යුතු නැහැ. ඒ රටවල් ඒ අයට අදාළව ඒ මට්ටමේ අවම සීමාවන් පනවාගෙන තිබෙනවා.
නමුත් එකකට එකක් සංසන්දනය කළ හැකි ආකාරයක සම්මතයක් %කොඩෙක්ස්^ මිනුම් යටතේ ලබාදී නැහැ. එවැන්නක් තිබෙනවා නම්, අපට යුරෝපයේ මිනුම් සමග සංසන්දනය කිරීමට හැකියාවක් තිබෙනවා නම් හොඳයි. එවිට මෙවැනි අර්බුද මතුවෙන්නේ නැහැ. මෙහිදී අප අවස්ථා කිහිපයකදී කළ විමර්ශනවලදී එම ප්‍රතිඵලය වෙනස් වුණා.
එහිදී පළා වර්ග ගැන නැවත සිහිපත් කළොත්?
මෙතෙක් කල් පළා වර්ගවලට පළිබෝධනාශක නිර්දේශ කර තිබුණේ නැහැ. නමුත් ඒවාට දිලීර හෝ කෘමි හානි සිදු විය හැකියි. එසේ නම්, ඒ තත්ත්වයන් මර්දනයට පිළියම් සපයා දිය යුතුයි. නැතහොත් විදේශ රටවලට අපනයනය කිරීමේදී ඒ රටවල් ඉල්ලා සිටින ප්‍රමිතිය ලබා දීමට නොහැකි වෙනවා. වෙළෙඳ පොළේදී කොළය නැවුම්, විහිදුණු, ප්‍රසන්න සජීවී බවත් විශේෂ සුදුසුකමක්නෙ. එතැනදී වුණත් සුපුරුදු පරිදි ගොවියා විසින් පළිබෝධනාශක භාවිත කළ යුතු අවස්ථාවකදී පවා ලාභ දේ තෝරා ගැනීමට දක්වන උනන්දුව නිසා තම නිෂ්පාදනය නුසුදුසු මට්ට්මකට වැටෙනවා.
සමහර රටවල තහනම් කර තිබෙන පළිබෝධනාශක මෙරට අලෙවි වන බවට චෝදනාවක් නැගෙනවා?
එවැනි දේ අදටත් හොර පාරෙන් වෙළෙඳ පොළ තුළ තිබෙනවා. ගොවියා ඒවා මිලදී ගෙන දිලීර හෝ කෘමි උවදුරට යොදනවා නම්, ඒ හේතුවෙන් අපනයනය කරන පළාවල නියමිත මට්ටමට වැඩි පළිබෝධනාශක අවශිෂ්ට තිබුණා යැයි චෝදනාවක් ආවොත් පුදුම විය යුතු නැහැ. මෙය වගාකරුවන් හොඳින් තේරුම්ගත යුතු දෙයක්. මම තවත් වෙනත් උදාහරණයක් කියන්නම්. ඉන්දියාවෙන් %සූපිං^ වැනි තේ කුඩු මෙරටට ගෙන්වා මෙහිදී අවසන් නිෂ්පාදනය සිදුකර ඇසුරුම් කර %සිලෝන් ටී^ නමින් පිටරටවලට යවනවා. එහිදී ලේබලය %සිලෝන් ටී^. නමුත් ඇතුළත තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වූ සහ එහිදී අයථා ආකාරයෙන් නුසුදුසු තහනම් පළිබෝධනාශක යෙදූ අමුද්‍රව්‍යවලින් අවසාන නිෂ්පාදන බවට පත්වූ දෙයක් නම් චෝදනාව එන්නෙ ලංකාවටයි. මේ තත්ත්වයන් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්.
මේ සම්බන්ධයෙන් ආහාර වර්ග පිළිබඳ සොයා බැලීමට අධිකාරියක් නැද්ද?
අපේ රටට ගෙන්වන ඇතැම් පළා හෝ ආහාර වර්ගවල අවශිෂ්ට විශ්ලේෂණය කිරීම සිදු වෙන්නේ නැතිතරම්. 1980 අංක 26 දරන ආහාර පනත අනුව මෙම විමර්ශන කටයුතු කළ යුත්තේ අප නෙවෙයි. එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කළ යුතු දෙයක්. ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල අහිතකර පළිබෝධනාශක අවශිෂ්ට තිබෙන්නේ දැයි පරීක්ෂා කළ යුතු බවට කෘෂිකර්ම ඇමතිතුමා අදහසක් ප්‍රකාශ කළා.
ඒ යෝජනාව හොඳ අදහසක්. මොකද අපේ රටේ තහනම් කළ, එහෙත් ඉන්දියාවේ පදික වේදිකාවකදී පවා මිලදීගත හැකි එවැනි පළිබෝධනාශක එරට ගොවියන් භාවිත කරනවා. ග්ල්යිෆොසේට් පවා එවැනි රටවල පදික වේදිකාවෙන් තහනමක් නැතිව මිලටගත හැකියි. එහෙම වෙනකොට අප කොහොම තහනම් කළත් මහපොළොවට විතරක් නෙවෙයි, ඒ රටවල මිරිස් කරලෙන්ද ඒවා අපේ ශරීරගත වෙනවාද කියන දේ ගැන විමසා බැලිය යුතුයි.
නමුත් අප රටේ එහෙම හිතුමනාපයට පළිබෝධනාශක අලෙවි කළ නොහැකියි. සීමාවන් සහ වාරණයන් තිබෙනවා. අප ගතවූ කාලයේ කළ ඇතැම් වැටලීම්වලදී ඉන්දියාවෙන් ගෙන්වූ බවට සැක කළ හැකි විවිධ නිෂ්පාදන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපට අපේ පනත අනුව කළ හැක්කේ නීත්‍යනුකූල සීමාවන් පැනවීම පමණයි. අපි ඒ අනුව කටයුතු කරනවා. නමුත් එවැනි දේ ආහාර වශයෙන් රට තුළ සංසරණය වන විට ඒ ගැන කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන දේ පෙන්වා දිය යුතුයි. අපි කරන්නේ නීතිය අතික්‍රමණය නොකර අපේ සීමාවන් යටතේ කටයුතු කිරීම පමණයි.
එහෙම නම් භාවිතයෙන් ඉවත් කළ පළිබෝධනාශක ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
2017 ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක භාවිත කළ යුතු ආරක්ෂාකාරී සීමාවන් අප ලබා දී තිබෙනවා. පළිබෝධනාශක නොමැතිව වගා කළ නොහැකියි යන මතය සමාජගතව තිබෙනවා. නමුත් පළිබෝධනාශක නොමැතිව වගා කළ හැකි නම්, එය සෞඛ්‍යාරක්ෂිතයි. එය නීතියෙන් නොව පුද්ගලයන්ගේ ආකල්පමය වශයෙන්ද කළ යුතු යොමු කිරීමක් විය යුතුයි. අනෙක ගොවියා විසින් හැමවිටම තමන්ට පිළිපැදීමට ඇති පළිබෝධනාශක භාවිතය සඳහා වන උපදේශවලට ගරු කළ යුතුයි.
ඒ කොෙහාමද?
වගාකරුවන් විසින් ලේබලයක තොරතුරු හැදෑරීම සහ පිළිපැදීම මගින් වසවිසෙන් තොර එළවළු, පලතුරු අපට පාරිභෝජනය සඳහා ලබාගත හැකියි. පළිබෝධනාශක ඉසීමට පෙර අස්වැන්න ලෙස ලබාගත හැකි දේ වගාවෙන් නෙළාගෙන එයින් පසු පළිබෝධනාශක ඉසීම සිදුකර ලේබලයේ සඳහන් නියමිත පෙර අස්වනු කාලය ඉකුත් වූ පසු අස්වැන්න නෙළාගත යුතුයි. මෙම කාලය පෙර අස්වනු කාලය (Pre harvest interval) ලෙස ලේබලයේ දැක්වෙනවා.
මෙම කාලය තුළ ශාකයේ අන්තර්ගත වූ පළිබෝධනාශක වස විස විවිධ පාරිසරික සහ ශාක ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙනවා. අනික විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටක් නිසා පළිබෝධනාශක අවශේෂ වැඩි වේගයෙන් විනාශ වීමට ඇති වැඩි අවස්ථාවද මෙහිදී ශ්‍රී ලංකාව තුළ අපට වාසිසහගත තත්ත්වයක්.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන්?
විශේෂයෙන් පාරිභෝගිකයාගේ පැත්තෙන්ද අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් පෙන්වා දිය හැකියි. හැම විටම එළවළු, පලතුරු සහ පළා වර්ග ආහාරයට ගැනීමට පෙර හොඳින් අතුල්ලමින් ගලාගෙන යන ජලයෙන් සෝදා ගන්න. එමගින් බාහිරව ඇති අවශිෂ්ට ද්‍රව්‍ය 97%කින් ඉවත් වෙයි.
අනෙක හැමවිටම පොත්ත සහ බාහිර ආවරණයන් ඉවත් කර ගැනීමෙන්ද එහි පිටතින් ඇති අවශේෂ ද්‍රව්‍ය බැහැර කළ හැකියි. ඇපල් ගෙඩියක් පොත්ත හරින්න. ගෙඩිගෝවා ගෙඩියක පිටත ඇති පත්‍ර ඉවත් කළ හැකියි.
යෙදිය හැකි පළිබෝධනාශක කිහිපයක් ගොවියන්ගේ දැනුවත් වීම වෙනුවෙන් සඳහන් කළොත්?
එහිදී තහනමට ලක්කර ඇති පළිබෝධනාශක කිහිපයක් කියන්නම්. ඒ කියන්නේ ඒවා පළා වර්ග ආදියට යෙදීමට එපා යැයි ගොවි මහත්වරුන් දැනුවත් කරනවා. %තෙබුනෙතසෝල්^ එකක්. %ඩයසිනෝන්^ සහ ප්රොපෙනොපොස් තවත් වර්ගයක්. කාබොසල්පාන් එවැනිම තහනම් දෙයක්. තයමෙතොක්සාම් සහ ඇසිපේට් තවත් එවැනි දෙයක්. එනිසා මෙම දේ අඩංගු පළිබෝධනාශක මොනවාදැයි යන්න විශ්වාසවන්ත වෙළෙඳ සැලකින් තෝරාගෙන මිලදී ගැනීමට පෙර එම ලේබලය කියවා දැන ගන්න.
අනික පළිබෝධනාශක වගාවට ඉසීමෙන් පසු එම ලේබලයේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. සමහර ඒවා වගාවට යෙදූ පසු දින හතක් දක්වා අස්වැන්න නෙළාගන්න හොඳ නැහැ. තවත් සමහර ඒවා දින 14ක් විය හැකියි. ඒ උපදෙස්වලට අවනත වෙන්න. එය පාරිභෝගිකයාගේ සෞඛ්‍යයටත් විදේශයන්ට යැවීමේදී පවතින ඉල්ලුම සහතික කර ගැනීමටත් අනුබලයක් බව වගාකරුවන් සිතිය යුතුයි.
හානිකර තත්ත්වයන් ගැන අවදියෙන් සිටිය යුත්තේ ඇයි?
අනික ගසට ඉසීමෙන් පසු මතුපිටින් නොව ගසට උරාගත් පසු අහිතකර රසායානික තත්ත්වයන් නිර්මාණය වන සමහර පළිබෝධනාශක තිබෙනවා. ඇසිපේට් කියන රසායානිකය ගහට උරාගත් පසු එය මෙතමිඩොපොස් වශයෙන් ගහ තුළදී නිෂ්පාදනය වෙනවා. එය සෞඛ්‍යයට හානි කරනවා. ස්නායු පද්ධතියටත් හානි කරනවා. ගසට උරාගන්නා නිසා පිටින් ජලය යෙදුවාට සේදී යන්නේ නැහැ. එවැනි තත්ත්වයන් නිවැරදි කර ගනීමට නම් අදාළ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.
අන්න එතැනදී කෘෂිකර්ම උපදේශක මහත්වරුන්ගේ මගපෙන්වීම, උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. මොකද මේ රසායනික ක්‍රියාවලියන් එකකට එකක් වෙනස්. අනික ගොවි ජනතාවට මේ වෙනස තේරුම් ගැනීමට දැනුම නැති වෙන්න පුළුවන්. එතැනදී ඔවුන් ඒවා අලෙවි කරන ව්‍යාපාරිකයාගේ බසට අවනත වෙනවා. දැනුම ඇති අයගෙන් උපදෙස් ගත්තොත් මේ අර්බුදය සාර්ථකව ජයගත හැකියි.
එහෙම නොවුණොත් මුදල් ගෙවා නිවැරදි දෙයක් යැයි සිතා මිලදී ගන්නෙත් වස විස බව ගොවියා දන්නේ නැහැ. එය ඔහුට වගේම ඔහුගේ නිෂ්පාදන ඉලක්කවලටත්, පාරිභෝගික ජනතාවටත් කර ගන්නා හානියක්.
නැවත පළා වර්ග ගැන සිහිපත් කළොත්?
ඇත්තටම මෙරට වගා කරන පළා වර්ග මිනිස් සිරුරට අහිතකර මට්ටමේ රසායනික අවශේෂයන් නැහැයි කියන එක මෙතෙක් කළ පැහැදිලි කිරීම්වලින්ද ජනතාව තේරුම්ගත යුතුයි. යුරෝපයේ මිනුම් අනුව ඒ අය නිර්ණායකයන් සකස් කර ගෙන තිබෙනවා. නමුත් අපේ %කොඩෙක්ස්^ ගණනය අනුව එහි දත්ත ඉක්මවා යන ආකාරයට මෙරට පළා වර්ගවල අවශිෂ්ටයන්, ඒ කියන්නේ පළිබෝධනාශක අවශේෂයන් නොමැති බව කිව යුතුයි.
වගකීමෙන් යුතුව කියන්නේ වෙළෙඳ පොළෙන් මෙරට වගා කළ ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, කතුරුමුරුංගා ආදී පළා වර්ග මිලට ගෙන අනුභව කරන්න. හානියක් නැහැ. ඒ පණිවුඩයත් මෙහිදී දිය යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd